ඊයේ දිනයේදී එළිදැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) පිළිබඳ ප්‍රතිපත්තිය සම්බන්දයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා X (Twitter) පණිවුඩයක් මගින් සිය අදහස ඉදිරිපත් කර තිබේ.
එම X පණිවුඩය හරහා හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ඉදිරිපත් කර ඇති විකල්ප ණය තිරසාරකරණ විශ්ලේෂණ යෝජනා නැවත සමාලෝචනය කිරීමක් සිදු කරන බවත් ඒ හරහා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දීමෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) රටට අහිමි වන බවත්ය.
හර්ෂ ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සමගි ජන බලවේග රජයක් තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති විකල්ප ණය තිරසාරකරණ විශ්ලේෂණක් පිළියෙළ කිරීමේ වැඩපිළිවෙල (DSA) කිසිවිටෙකත් සමාලෝචනය කිරීමක් නොකරන බවත්, මෙරට සියලුම මූල්‍ය ඉලක්ක සහ සමස්ත ණය ප්‍රතිව්‍යුහය සඳහා පදනම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන විකල්ප ණය තිරසාරකරණ විශ්ලේෂණය (DSA) මත රඳා පවතින බවත්ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම නැවත සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බලවේගය තමන්ගේම ණය තිරසාර විශ්ලේෂණයක් (DSA) මත ක්‍රියා කරන්නේ නම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීරණ අරමුදල් පහසුකමට (EFF) ප්‍රබල වශයෙන්ම බලපානු ඇත, එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන විශ්වසනීයත්වය සහ එකඟතාවලටද බලපෑම් එල්ලකරමු ලබයි.
Did they actually write this?! How can #SriLanka @IMFNews EFF continue if the JVP/NPP is to do their own Debt Sustainability Analysis to renegotiate the agreement? DSA is the base for ALL fiscal targets and the the entire debt restructure. Vote JVP/NPP to send IMF home 🤦🏽 pic.twitter.com/QifmgFDwhp
— Harsha de Silva (@HarshadeSilvaMP) August 26, 2024