පාස්කු ප්‍රහාරයට වගකිවයුතු, චෝදනාලත් පුද්ගලයින් ඉහල පුටුවල සිටියදී ස්වාධින කොමිසමක් පත්කර channel 4 හෙළිදරව්ව පිලිබදව  විමර්ශනය කල නොහැකි බවත් මිට පෙර පත්කළ ජනාධිපති කොමිෂන් සේම  මෙම කොමිසමත් කිසිදු අර්ථයකින් තොර බවත් අගරදගුරු කාදිනල් හිමිපාණන් කළුතර ශාන්ත මරිය දේවස්ථානයේදී පැවසීය.

පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී උදෑසන දේව මෙහෙය සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ 125වන ජුබිලි සැමරුම හා  ප්‍රධාන දේව මෙහෙය පවත්වනු ලැබුවේ අගරදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණන් විසිනී.

‘එදා පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හසු වූ 273 දෙනා වෙනුවෙන් මා මේ දේ කිව යුතුමයි. දැන් මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවාලු මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත්කරලා චැනල් 04 නාළිකාව පෙන්නපු වැඩසටහනේ ඇති කරුණු විග්‍රහ කරන්න. මම අහන්න කැමතියි අපේ රටේ නායකයාගෙන්, එදා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරලා මේ නායකයාම තමයි ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත්කළේ. ඒ තේරීම්කාරක සභාවේ වාර්තාවේ 134 වැනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මෙන්ම මේ පොලීසියේ උසස් නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධව ඉතාමත් බරපතළ වගකීමක් දරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුව නීතිය හමුවට පැමිණවිය යුතුයි කියලා අද වෙනතුරු මොකක්ද වෙලා තියෙන්නේ. ඒ උසස් නිලධාරියා තාමත් පොලීසියේ එම තනතුරටත් වඩා උසස් තනතුරක් දරමින් ජීවත්වෙනවා. තවත් කමිටු පත් කිරීමේ තේරුම කුමක්ද? මේවා ඇස්බැන්දුම්. නායකයින්ගේ හැසිරීම ලැජ්ජා සහගතයි.’ යනුවෙන් එහිමියන් වැඩිදුරටත් පවසා සිටියා.