ජාතික ව්‍යසනයකින් මිදී රට ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව නූතන උපදේශන රටාවක් අත්‍යවශ්‍යව පවතින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එය ජාතික ව්‍යායාමයක් වියයුතු බව කී විපක්ෂ නායකතුමා සියලු ව්‍යසනයන් තුළින් ලබාදෙන අධ්‍යාපනය රටක් ගොඩනැඟීම උදෙසා පාලමක් බවට පත් කර ගත යුතු යැයි ද පැවසීය.
අද වන විට රට බරපතළ ලෙස අර්බුදයකට ලක්ව ඇති බවත්, විශේෂයෙන්ම මන්දපෝෂණය ඇතුළු තත්ත්වයන් තුළින් වාර්තාගත තැනකට රට පත්ව ඇති බවත්, මේ තත්ත්වය පිළිබඳව රටේ ජනතාව යහපත් උපදේශනයකට ලක් කළ යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
මේ අර්බුදයෙන් ගැලපෙන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ව ව මාර්ගෝපදේශනයක් අවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකතුමා, එක් අතකින් මේ මොහොතේ පරිභෝජනයට වඩා ආයෝජනයට මුල් තැනක් ලබා දිය යුතු යැයි ද පැවසීය.
ජාතික ව්‍යසනයක් මොහොතක එයින් ගොඩ ඒම උදෙසා උපදේශනයෙහි වැදගත්කම පිළිබදව අවධානය යොමු කරමින්, ජාතික ප්‍රතිසංස්කරණ මහලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක – උපදේශකවරුන්, මනෝ වෛද්‍යවරුන්, මනෝ චිකිත්සකවරුන්, ඇතුළු පිරිසකගේ හමුවක් අද (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ උපදේශනය සම්බන්ධව ප්රමුඛ පෙළේ, ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
සීමාවන්ගෙන් තොරව අවිධිමත් ලෙස වියදම් කිරීමේ ඛේදවාචකය අද රටක් ලෙස භුක්ති විඳින බව පැවසූ විපක්ෂ නායකතුමා එය අනිසි කළමනාකරණයක ප්‍රතිඵල යැයි පැවසීය.