හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ජනපතිවරයාට එරෙහිව ජුලි 9 වැනිදා එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ හිටපු ජනපති ගෝඨාභය පළමුව මාලදිවයිනටත් ඉන් අනතුරුව සිංගප්පූරුවටත් පිටත්ව යනු ලැබුවා.

සිංගප්පූරුවේ සිටි ජනපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළ අතර එහි රැඳී සිටිය හැකි කාලය ඉක්මවා යාම හේතුවෙන් ඔහු සිංගප්පූරුවෙන් තායිලන්තය බලා පිටත්වුණා.

ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද හිමිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළා.