රාජපක්ෂ හොර පවුල හිතාමතාම ජාති භේද ආගම් භේද ඇති කරම්න් රට මුදලින්, ප්රතිපත්තිවලින් දුප්පත් කළ බවත් ඔවුන් දැන් උත්සාහ කරන්නේ රටේ ඊළඟ පාලනය සිය පුතාලට සහ මුණුබුරාලට ලබා දෙමින් රට සින්නක්කරවම රාජපක්ෂ පාලනයට නතු කර ගැනීමට බවත් අද (25) කළුතර දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අපේ රටේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු විශාල ප්රමාණයකි.
මේ වනවිට පවත්නා බරපතල ආර්ථික අර්බුදය හමුවේ ධීවර ප්‍රජාවගේ ජීවිතද ඵලවත් පීඩනයකට ලක්ව තිබේ.වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ ධීවර ජනතාව අද (25) හමුවූ අතර ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
රාජපක්ෂ පවුලේ සාපකාරී පාලනය තුළ කෝටිපතියන්ට අතිවිශාල බදු සහන ලබා දීමත් ගොවියන්ගේ වගා අයිතිය අහිමි කිරීමත් සහ වැඩකරන ජනතාවගේ ජන ජීවිත විනාශ කිරීම නිසා වර්තමානයේ රට අත්ව ඇති ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදුව ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2019 ජනාධිපතිවරණයේ දී ජනතාව ශූරත්වය, වීරත්වය සහ මානව හිතවාදීත්වය අතරින් ව්‍යාජ ශූරත්වයට රැවටී සිය ඡන්දය භාවිත කළ බවත් එසේ පත් වූ ජනාධිපතිවරයා රට විනාශ කළ බවත් එතැන් සිට වසර දෙකහමාරකට පසු මිලියන 22ක් වූ මෙරට ජනතාව අප රටට මනුෂත්වයෙන් යුත් මානව හිතවාදීත්වයෙන් යුත් ජනතා ප්‍රශ්න ගැන අවබෝධයක් සහිත පාලනයක් අවශ්‍ය බව පැවසුවත් වත්මන් පාලකය එවැන්නක් ලබා නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ එළඹ ඇත්තේ ව්‍යාජ වීරත්වයට වඩා මනුෂ්‍යත්වය මානව හිතවාදීත්වය තෝරා ගැනීම කාලය බවත් ඒ සඳහා යැපුම් මානසිකත්වයෙන් ඉවත් වූ සෑම දෙනාම රජ කරවන පාලනයක් තෝරා ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා කියා සිටියේ ඒ සඳහා තමන් ඇතුළු පිරිස සුදානම් බවයි.