විදුලි බිල සාමාන්‍ය වැඩි වීමක් සහ කාණ්ඩ වශයෙන් විශාල වැඩිවීමක් සිදුව ඇති අවස්ථාවක ජනතාවගේ ජීවිතවලට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් මීට එරෙහිව ජනතාවාදී විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදීව පෙනී සිටින බවත් අද (23) විදුලි පාරිභෝගික සංගමයේ විශේෂ හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

මේ රටේ පාරිභෝගික ජතාවගේ අයිතීන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට වගකිව යුතු විපක්ෂයක් ලෙස පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් සිදුවු බවත් එහි දී මහපාරේ උද්ඝෝෂණය කිරීම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හදුන්වන කාලයක් ස්ථාපිත වී ඇති බවත් පැවසී විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන් පිළිගන්නා මතයක් වෙනුවෙන් පෙනී සිටීම සහ රැස්වීම, සාමකාමී උද්ඝෝෂණය, කතා කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති නමුත් රටක ජනතාව දැවැන්ත අන්තරාදායක තත්ත්වයකට පත්කරමින් දරදඩු ක්‍රියාමාර්ග රැසකට එලබ ඇති බවත් පැවසීය.

ජාත්යන්තර ප්‍රජාව සහ සංවිධාන මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති මොහොතක ඉදිරියේ ජාත්‍යන්තර සහන පවා නොලැබී යා හැකි බව පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ තුළින් රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් විය හැකි බව ද ඒ මහතා පැවසීය.

රජය දරදඩු  ආකාරයට ත්‍රස්තවාදය වැළැක්වීම පනත උල්ළංගනය කරමින් මූලික අයිතිවාසිකම් උල්ළංඝනය කරන බවත් විපක්ෂ නායකතුමා පැවසිය.