අද මේ රට තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් අමාරු තීන්දු තීරණ ගන්න වෙන බවත් ඒ සඳහා සමගි ජන බලවේගය හැටියට මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න අවශ්‍ය සියලු කැපකිරීම් සිදුකිරීමට සුදානම් බවත් අද (5) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් පෙරේරා මහතා.

අද මේ රට තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් අමාරු තීන්දු තීරණ ගන්න වෙනවා.ඒ සඳහා සමගි ජන බලවේගය හැටියට අපි මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න අවශ්‍ය සියලු කැපකිරීම් කරනවා වගේම යම් වැඩළිවෙලකට සහාය දීමට සූදානම් වෙනවා. සමගි ජන බලවේගය හැම වෙලාවෙම රටේ ආර්ථිකය ගැන අවුරුදු දෙකකට පෙර කිව්වා එහිදී IMF වැඩසටහනට යොමු වීමේ වැදගත්කම දිගටම පෙන්වා දුන්නා නමුත් රට ඒ කාලයේ කර පාලකයෝ ඒක පිළිගත්තේ නැහැ ඒ අයගේ විසඳුමක් තියෙනවා කිව්වා ඒ නිසා දැන් වෙනකොට අපේ රටේ ජනතාව ඉතාමත් බරපතළ පීඩාවකට ලක් වෙන්න සිදුවෙලා ඒ වගේම මේ ආර්ථික අර්බුදය එනකොට රටේ සමහර අයගේ මතයක් තිබුණත් මේක සුළු ප්‍රශ්නයක් ඩොලර් ප්‍රශ්නය ඉතාමත් ඉක්මනින් විසදා ගන්න පුළුවන් කියලා හැබැයි ලංකා ඉතිහාසයේ කවදාවත් නොදුටු අර්බුදයකට ගිහින් තිබෙනවා ඒ බව කිව්වත් ඒක පිළිගත්තෙ නැහැ ඒ නිසා දැන් වෙන විට ඉතාමත් අමාරු තත්ත්වයකට පත්වෙලා IMF සමග සාකච්ඡා කරන්න සිදුවෙලා ඒ තුලින් අපි බලාපොරොත්තු වුණා අගෝස්තු මාසයේ යම්කිසි එකඟතාවයකට එන්න පුළුවන් කියලා නමුත් රජයේ තිබුණු අස්තාවරභාවය නිසා එය කල් ගිහින් තියනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා සාර්ථකව පළමු වටේ නිම කරලා අපේ රටේ ජනතාවට සහන ලබා දෙයි කියලා.

මේ වෙන විට ගරු ජනාධිපතිතුමා මේ රටේ සියලුම පක්ෂවලට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සර්වපාක්ෂික වැඩපිළිවෙලකට ආරාධනා කර තිබෙනවා එහිදී අපි දැක්කා පහුගිය දවස්වල විවිධ පක්ෂය ගිහින් ජනාධිපතිතුමා හමුවුනා අද අපි බලාපොරොත්තු වෙනවා සමගි ජන බලවේගය හැටියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සර්වපාක්ෂික වැඩපිළිවෙළට අපේ යෝජනා ඉදිරිපත් කරන්න. ඒ වගේම රජයේ ප්‍රතිචාර මොනවද කියලා බලන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේ අපි ප්‍රධාන විපක්ෂය විදිහට ජනතාව ආර්ථික වශයෙන් පීඩා විඳින මේ තත්ත්වය ඉක්මනින් දුරු කරලා පෝලිමේ ඉන්න ජනතාවට සහන ලබා දෙන්න වගේම වැඩිවුනු බඩු මිලට යම් සහනයක් ලබා දෙන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා .

මේ අවස්ථාවේදී රටේ නීතිය හා සාමය පිළිබඳව කතා කළ යුතුයි මොකද අපි දන්නවා මේ දිනවල ඝාතන කිහිපයක්ම රටේ සිදුවෙමින් යනවා .ඒ වගේම නීතියට පිටින් ක්‍රියාත්මක කරන වෙඩි තැබීම් පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරනවා මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ වගකීම එතුමාට බාරයි ඒ තුලින් මේ රට ජාත්‍යන්තරයට සහ ජනතාවට ඉතාමත් වැරදි චිත්‍රයක් යනවා ඒ නිසා වහා කඩිනමින් නීතිය හා සාමය ස්ථාපිත කරන්න කටයුතු කරණ ලෙස අවධානය යොමු කරනවා.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිළිබඳව විපක්ෂනායක තුමා සුබවාදී ප්‍රතිචාර දක්වා තිබෙනවා එතුමාගේ ඒ පාර්ලිමේන්තු ප්‍රකාශය ඉතාමත් පුළුල් එකක් නිසා අපි බලාපොරොත්තු වෙනවා අද දිනයේ දී කොහොමද එතුමාගේ ප්‍රකාශය මේ රටේ ක්‍රියාවට නංවන්නේ කියලා සාකච්ඡා කරන්න එය නංවන කොට සමගි ජන බලවේගයට යම් යම් කරුණු තිබෙනවා අපි ඒවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ කරනකොට මේ රටේ ඉතාම දිළිඳු ජනතාවට ඒකෙන් අගතියක් වෙන්නේ නැතිව රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න කියලා අපි කියනවා ඒ වගේම ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමේදී දීර්ඝකාලීන රටේ ආර්ථිකය ස්ථාවරභාවයට ලක් කරල මේ රටේ නැවත මෙවැනි ආර්ථික කඩා වැටීමක් ඇති නොවෙන්න අපි අඩිතාලමක් දාන්න ඕනේ කියන පණිවිඩය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

සර්වපාක්ෂික වැඩපිලිවෙලකට අපි සහය ලබාදෙන්න හේතුව අපි දන්නවා මේ අවස්ථාවේදී ආර්ථික වශයෙන් ඉතාම අමාරු තැනක අපි ඉන්නේ එයට ජනප්‍රිය නොවන ආර්ථික වෙනස්කම් මේ රටේ කළේ නැත්නම් රටේ ජනතාවට ඉදිරි කාලයේ දී මීටත් වඩා දුක් විඳින්න සිදු වෙනවා. ඒ නිසා අපි දේශපාලන කෝණයකින් විතරක් බලන්නේ නැතුව කතාවට සීමා නොවුණු විවේචන වලට සීමා නොවුණු විපක්ෂයක් හැටියට අපි වගකීමෙන් කටයුතු කරනවා. ඒ වගකීම අරගෙන තමයි අපිට ජනප්‍රිය නොවුනත් මේ සර්වපාක්ෂික වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්නේ. ඒ සර්වපාක්ෂික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නම් මේ රටේ නීතිය හා සාමය සියලු දෙනාටම පොදුවේ ක්‍රියාත්මක කිරීම මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ මත ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර දිය යුතුයි කියලා රජයට මේ අවස්ථාවේ දී සදහන් කරනවා. මේ වෙන විට IMF වැඩසටහනේ සාකච්ඡා යන අවස්ථාවේදී රජය යම් යම් පියවර අරගෙන තියෙනවා රටේ ආර්ථික ස්ථාවර කරන්න මේ වෙනකොට බදු යම් කොටසක් වැඩිකරලා අපිට ආරංචියි ඔක්තෝම්බර් මාසය වෙනවිට තවත් බදු සංශෝධන අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතයි .ඒ වගේම භාණ්ඩ මිල ඉන්ධන ඇතුළු වැඩි කරපු විදුලි බිල ක්‍රියාත්මක කරන බව දැනගන්න ලැබෙනවා. මේ අවස්ථාව වන විටත් ජනතාව කැපකිරීම් කරලා තියෙනවා බදු වැඩියෙන් ගෙවන්න පටන් අරන් තියෙනවා ජනතාව වැඩි වුණු තෙල් මිල අනිකුත් භාණ්ඩ මිල වෙනුවෙන් ජනතාව කැපකිරීම් කරලා තියෙනවා ඒ නිසා මේ රජයේ පාඩු ලබන සහ රජයේ වියදම් පිළිබඳ සැලකිලිමත් වෙලා ඒවා අඩු කරන්නට කටයුතු කරන්න ඕන .අපි දැක්කා තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි විශාල ආයතන මේ වෙනකොට විශාල ලෙස පාඩු ලබා තියෙනවා ඒ පාඩුව හැම වෙලාවෙම මේ රටේ ජනතාවට තමයි දරාගන්න සිද්ධවෙන්නේ ඒ ආයතන පරිපාලනය කරන අයට එහි වැඩ කරන අයට රජයේ ප්‍රතිපත්ති තීන්දු ගන්න අයට ඒවා ගෙන් වැඩි හානියක් වෙනවා ඒ නිසා අපි ජනතාව පැත්තෙන් ඉඳගෙන ඒ බර මේ රටේ ජනතාවට දාන්න එපා කියන ප්‍රබල පණිවිඩයක් මේ අවස්ථාවේදී රජයට ලබා දෙනවා.

මේ වන විට තෙල් ලබාදීම සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරලා තියෙනවා. එහි යම් යම් හොඳ පැති අපි දකිනවා. පෝලිම් අඩු වෙලා තියෙනවා ඒ වගේම ජනතාවට තෙල් ලබා ගැනීම සඳහා පහසුවක් ලැබිලා තියෙනවා ඒ වගේම මේ QR ක්‍රමයෙත් අඩුපාඩු රාශියක් තියෙනවා අපි දන්නව දැන් පෞද්ගලික බස්රථ ත්‍රීවිල් වලට සහ සංචාරක කර්මාන්තයට තෙල් ලබා දීමේදී මේ ක්‍රමය තව වැඩිදියුණු කරලා තව අඩුපාඩු ඊට වඩා විසඳීම සඳහා ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලා රජයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ කාලගුණික තත්ත්වය මත අපි දැක්කා ඇතැම් ප්‍රදේශ වල ජල ගැලීම් හින්දා ජනතාවට හානි වෙලා තියෙනවා. ඒ අයට කඩිනමින් සහන ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලනවා. ජල විදුලි බලාගාර මේ අවස්ථාවේදී ඉතාම සක්‍රීය තත්ත්වයේ තියෙන හින්දා අපි දැක්කා රජයේ කියලා තියෙනවා විදුලි කැපීම අඩු කරනවා කියලා මම හිතන්නේ මේ පිළිබඳව රජය ක්‍රියාත්මක කරලා ඒ සහනය ජනතාවට සහ අපේ කර්මාන්ත වලට ලබා දීමට කටයුතු කළ යුතුයි .

පාඩු ලබන ආයතන වශයෙන් අපි දැක්කා ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 248 ක් පාඩු ලබල තියෙනවා එය මේ රටේ ඉතිහාසයේ දැවැන්ත පාඩුවක් ලෙස අපි දදකිනවා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා සංචාරක කර්මාන්තය ගැන මේ රටේ තිබුණු දේශපාලන අස්ථාවරභාවය ආර්ථික අස්ථාවර භාවය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටී තිබුණ නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්රතිව්යුහගත කරන්න ඕන නැත්නම් ගුවන් යානයේ නැගපු නැති මිනිහට තමයි හුඟක්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බර දරාගන්න සිද්ධ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය කියන්නේ මේ ලෝකයේ අනිකුත් ජාත්‍යන්තර ගුවන් සේවා එක්ක තරග කරන්න ඕන ආයතනයක් ඒ වගේම විදේශ විනිමය අතින් විශාල ලෙස පාඩු ලබන ආයතනයක් ඒ හින්දා මේ කළමනාකාරිත්වය සැලසුම් පිළිබඳව ගැඹුරු සංවාදයක් කරලා අනිවාර්යෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්රතිව්යුහගත කරලා මේ රටේ සංචාරක කර්මාන්තය මේ රට ජාත්‍යන්තරයට ගෙනියන්න ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත අලුත් මුහුණුවරකින් ඉදිරියට එන්න ඕන කියලා අපි රජයට අවධාරණය කරනවා.

මේ වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය ,තෙල් සංස්ථාව ගත්තත් ඒකෙන්ම අපේ රටේ ජනතාවට හොඳ චිත්‍රයක් පෙනෙයි මේ රටේ ආර්ථිකයට මූලික වශයෙන් කොච්චර මේ පාඩු ලබන ආයතන දායක වෙලා තියෙනවද කියලා මොකද දීර්ඝ කාලයක් තිස්සේ මේ ආයතනවලට සේවකයෝ පුරවල තියෙනවා ඒ වගේම දේශපාලන වශයෙන් මේවා පාලනය කරන්න කටයුතු කරලා යම් යම් පුද්ගලයන්ගේ අඩුපාඩුකම් නිසා කාලයක් තිස්සේ ණය අරගෙන පාඩු පිට පාඩු ලබමින් දීර්ඝ කාලයක් තිස්සේ කිසිම ප්‍රතිසංවිධානයට නොගිහින් එහි අනිසි ප්‍රතිඵරනදරන්න වෙලා තියෙන්නේ අපේ රටේ ජනතාවට. ඒ නිසා අපේ ජනතාව බිල්ලට දෙන්නෙ නැතුව ආයතන වහාම ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ රටේ මේ වෙනකොට රාජ්‍ය ව්‍යාපාර පන්සිය විසි හතක් තියෙනවා ලෝකය ගත්තම මේ රජය වැඩියෙන්ම ව්‍යාපාර කරන රටක් විදියට ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අපි අනෙකුත් රටවල් වලට වඩාත් දහ ගුණයකින් රාජ්‍ය වියාපාර රජය කරන් ගිහිල්ලා විශාල පාඩුවක් ලබලා තියෙනවා මේක මේ රටේ දේශපාලන සංස්කෘතියත් එක්ක මේ ආයතන වලට හරි කළමනාකරණයක් කරන්න දේශපාලන ගැත්තන් ආයතන දානවා දේශපාලන රැකියා ලබා දෙනවා ඒවගෙන් දේශපාලඥයින් වියදන් කරගන්නවා ඒ නිසා අනිවාර්යයෙන් මම ඒවා දේශපාලනයෙන් තොරව මේ රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මේවා පප්‍රතිව්‍යුහගත කරන්නට කාලය ඇවිල්ල කියල මේ අවස්ථාවේ දී රජයට මතක් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අද දින සමගි ජන බලවේගය හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමු වෙන්න එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායමක් ප්‍රධාන විපක්ෂය හැටියට අපි මේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ දුකක් කඳුල හඳුනාගෙන මේ රටේ ප්‍රශ්නය විසඳීම සඳහා දේශපාලන වාසි පැත්තක තියලා මේ රටේ සර්වපාක්ෂික පොදු වැඩපිළිවෙළ කට ආර්ථික වශයෙන් දරුණු තීන්දු තීරණ මේ රටේ ගන්න වෙනවා ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය මතක් කරලා දෙනවා රට ආරක්ෂා කර ගත යුතුයි නීතිය හා සාමය මේ රටේ ක්‍රියාත්මක විය යුතුයි මේ රටේ ජනතාවට නිදහසේ ජිවත් වෙලා තමන්ගේ වැඩ කටයුතු කරල ජීවත්වීමට රටක් නිර්මාණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතර විපක්ෂයේ ඉන්න කණ්ඩායමක් හැටියට ඒ සහයෝගය ලබා දෙනවා අපි බලාපොරොත්තු වෙනවා රජය මෙය දේශපාලන වාසියකට ,දේශපාලන වශයෙන් අපිව උගුලකට අහු නොකර සද්භාවයෙන් මේ වැඩ කටයුතු කරයි කියලා මොකද අපි දන්නවා පසුගිය රජයේ හිටියේ පොහොට්ටුවේ ප්‍රධාන පිරිස් තවමත් මේ රරජය ඇතුළේ ඉන්නවා ඒ අයම තමයි පහුගිය දවස්වල මේ ආර්ථිකය මේ වගේ කඩා වැටීමකට ලක් කඝේ ඒ වගේම දේශපාලන වශයෙනුත් රට ජනතාවට විසඳුම් දෙන්නේ නැතුව ජනතාව පීඩනයට පත් කරලා දේශපාලන වශයෙන් අස්ථාවර භාවයකට මේ රට පත් කරේ ඒ කණ්ඩායම ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ පොහොට්ටුව තමන්ගේ වැරදි දුනාගෙන දැන්වත් හැදිලා මේ රට වෙනුවෙන් ඉස්සරහට යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා පාර්ලිමේන්තු ඡන්දෙකින් ඒ නිසා එතුමා ඒ පාර්ලිමේන්තු ඡන්දෙන් පත්වෙලා මේ රටට විවස්ථාව අනුකූලව එතුමාට කරන්න පුළුවන් වගකීම පැහැර හරින්නේ නැතුව එතුමා කරයි කියන බලාපොරොත්තුව අනුව තමයි සාකච්ඡාවට යන්නේ අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කඩිනමින් පොදු වැඩපිළිවෙළකට එකග වෙලා කටයුතු කරන්න හැකිවෙයි කියලා.