අරගලයට පහරදීම පාරාවළල්ලක් වෙලා සිවිල් සංවිධාන, සාමාන්‍ය ජනතාව ජාත්‍යන්තර වශයෙන් රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට විරුද්ධව පෙළ ගැසෙමින් සිටින බව අද (28) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අසහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා.

වර්ථමාන ආණ්ඩුවත් හිටපු ජනාධිපති යටතේ ආර්ථිකයත් ජන ජීවිතයත් විනාශයට පත්වෙලා. එහි ප්‍රතිඵලයක් විදියට මේ රටේ ජනතාවත් අරගලයට සම්බන්ධ ජනතාවත් සියලු දෙනා ආර්ථික විනාශයටත් ජනතාවගේ පීඩනයටත් විරුද්ධව පෙල ගැහුනා එහි ප්‍රතිඵලයක් හැටියට හිටපු ජනාධිපති තුමාට මේ රටෙන් පලා යන්න සිදුවුණා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි රාජ්‍ය පාලකයෙක් රටෙන් පලා යන්න සිදුවුණේ .ඒ තුලින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති විදියට පත්වෙලා පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති විදිහට පත්වෙලා තියෙනවා.එම නිසා රටේ සාමාන්‍ය ජනතාව හිතුවා රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වුණාම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වගේම ආර්ථිකය හදාවි කියලා. ඔහු ජාත්‍යන්තරයත් සමග සම්බන්ධතා හොඳින් කරගෙන යාවි කියලා විශ්වාස කරා නමුත් ඔහු මුලින්ම කළේ අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමයි අරගලකරුවන් ප්‍රකාශ කරලා තිබුණා ඔවුන් ඉවත් වෙන බව එම ස්ථානයෙන් එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ තමන්ගේ චන්ඩි කම අතට අරගෙන අරගල කරුවන්ට ප්‍රහාරයක් එල්ල කරන්න අවශ්‍ය උපදෙස් ආරක්ෂක අංශයට දුන්නා .අද එය පාරාවළල්ලක් වෙලා සිවිල් සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදය රකින ජනතාව ජාත්‍යන්තර වශයෙන් අපට උදව් කරන්න හිටපු සමාජය තානාපති කාර්යාල රාජ්‍ය නායකයෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙළට විරුද්ධව පෙළ ගැහිලා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා පත්වෙලා ප්‍රජාතන්ත්‍ර රටක නොවිය යුත්තක් වන හදිසි නීතිය ඇති කරන්න කටයුතු කළා එය ජාත්‍යන්තර රටවල් ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටවල් කිසිවක් එය අනුමත කරන්නේ නැහැ .රනිල් වික්‍රමසිංහ මහතා අරගෙන තියෙන පියවරවල් කවදාවත් රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් පියවරවල් නොවන බව ඒ මහතා පැවසීය

අද වෙනකොට සමාජය අතරමං වෙලා හෙට ආර්ථිකය ගොඩනඟන්න ගන්න ක්‍රියාමාර්ග මොනවද? කොහොමද ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ ඒකෙන් අද විශාල සැකයක් ජනතාවට ඇති වෙලා ඒ වගේම ජනතාව බලාපොරොත්තු වුණ කිසිදු වෙනසක් මේ ආණ්ඩුවේ වෙලා නෑ එදා හිටපු මැති ඇමතිවරු නැවත වරක් බලයට පත්වෙලා දිවුරුම් දීල තියෙනවා .පසුගියදා කාංචන විජේසේකර බලශක්ති ඇමතිවරයා හැටියට ප්‍රකාශ කරා තව අවුරුද්දකට ඉන්ධන ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ කියලා ඒ තුළින් සමාජයට දෙන පණිවිඩය මොකක්ද මේ ආණ්ඩුවේ ජනාධිපති වෙනස් වුණත් පාර්ලිමේන්තුව වෙනස් වුණත් අලුත් ඇමතිවරු පත් වුණත් රටේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවන්න රටේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න පුළුවන් කමක් නෑ කියන එකයි ඒ තුළින් පෙන්නුම් කරන්නේ.