ගෝඨාභය තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මර්දනය උපරිමයෙන් පාවිච්චි කරන බවත් මෙම අරාරගලයට යට සමජි ජන බලවේගයෙන් උපරිම සහයෝගය දෙන බවත් සමගි ජන බලවේගය මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (07)පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දක්වූ නලින් බණ්ඩාර මහතා.

ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මර්දනය උපරිමයෙන් පාවිච්චි කරනවා .එය ඊයේ අවස්ථා ගණනාවකදී අපි දැක්කා .එක් අවස්ථාවකට මටත් මුහුණ දෙන්න සිදුවුණා .අපි මේ රටේ සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් උපරිම අධිකරණයේ නඩුවක් ගොනු කළා නම ලක්ෂ තිස්හයදාහක් ගොවීන්ට මහකන්නය වන්දි ඉල්ලලා. මොකද මේ රජයේ කැබිනට් අනුමැතිය ගෙන නම ලක්ෂ තිස් හය දාහකට ආසන්න පවුල් හඳුනගෙන තියෙනවා ඒ සදහා රුපියල් බිලියන 41ක් ඒ අයට ගෙවන්න ඕන කියලා තීන්දු කරලා තියනවා. එහෙනම් රජයේ කැබිනට් අනුමැතිය ගත්ත රුපියල් බිලියන 41 ගොවි පවුල් නම ලක්ෂ තිස් හයදාහකට ගෙවන්න කියලා නඩුවක් ගොනු කර ගොවියෝ ආවේ එහි පොඩි ප්‍රමාණයක් හිටියේ ගොවීන්නඩුව ගොනු කරල නිහඬ විරෝධතාවයක් අධිකරණය ළඟ පලකරලා ජනාධිපති හමුවෙන්න ආවා එය අලුත් කඩේ ඉඳන් කොටුවට එහිදී අපේ ගොවියන්ට මෙ අයසැලකුවේ මඩ වතුර ගහලා. ලංකාවේ වැඩිම කඳුළුගෑස් ප්‍රමාණයක් ගැහුවේ ඊයේ එය ගොවියන්ට විතරක් නෙමෙයි පාරේ ගමන් කරන මිනිසුන්ට විශාල ගොඩනැගිලිවලට කුඩා දරුවන්ට විශාල ලෙස පීඩණයක් වුණා. යුක්රේනයට මිසයිල ගහනවා වගේ කඳුළු ගෑස් ගහන්නේ.

ජනාධිපතිවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පුදුම බයක් තියෙන්නේ දුවනවා හිරුනිකාගේ නම කිව්වම. ඇය ඊයේ දිනයේ අත්අඩංගුවට ගත්තා මේක හැමදාම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ හිතනවනම් මර්දන තර්ජනයෙන් පීඩාවෙන් කඳුළු ගෑස් වලින් ජල ප්‍රහාරක වලින් වෙඩි තියලා මිනිස්සු වළක්වන්න ඒක කරන්න බෑ හේතුව මේ ඇවිල්ල තියන රැල්ල දේශපාලන රැල්ලක් නෙමෙයි රටේ ඉන්න ගොවියා, කම්කරුවා ,ධීවරයා ඇතුළු සෑම තරාතිරමකම හැම මිනිහෙක්ම අනාථ වෙලා .මිනිස්සුන්ට කන්න නෑ ජීවත් වෙන්න විදිහක් නෑ එදිනෙදා වැඩ කරගන්න විදිහක් නෑ දරුවා පාසල් යවන්න විදියක් නෑ. මේ බූරු ආණ්ඩුව මොකද කරන්නේ පිස්සු ගෝඨා හිනා වෙවී ඉන්නවා තමන් වලට දාපු නායකයා වෙනුවෙන් මිනිස්සු ඉවසන්නේ නෑ මේ රට විනාශ කරපු රටේ ගෞරවය විනාශ කරපු ස්වෛරීභාවය නැති කරපු රට බංකොලොත් කරපු නායකයෙක් එක්ක තවදුරටත් පාලනය කරන්න සූදානම් නෑ .ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මෙතනින් යන්න ඕන එතනින් එහා විසඳුම් නැහැ මේ ගෝඨාභය ඉන්නකම් මිනිස්සු කැපකිරීම් කරන්නේ නෑ රටේ දේශපාලන ස්ථාවරභාවයක් නැතුව තියෙන්නේ වෙනත් රටවල් උදව් කරන්නේ නෑ මූල්‍ය ආයතන උදව් කරන්නේ නෑ ඒ නිසා මිනිසුන්ගේ මේ මනෝභාවය ඉස්සෙල්ලම හදන්න ඕන ඊට පස්සේ තමයි රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කවුරුහරි හිතනවනම් ගෝඨාභය රාජපක්ෂ ඉන්න යාන්ත්‍රණයක් ඇතුලේ රට ගොඩ දාන්න පුළුවන් කියලා ඒක ජීවිතේට වෙන්නේ නෑ අපේ යාළුවෝ දෙන්නෙකුත් එහෙම හිතුවා ගෝඨා ෆේල් කිව්වෙත් හරීන් මිත්‍රයා ගෝඨගේ ශාපයක් ගැන කිව්වේ හරීන් මිත්‍රයා හහැබැයි ⁣ෆේල් ගෝඨාභයත් එක්ක ලැගලා මේක ගොඩ දාන්න පුළුවන් කියනවා අද ඒගොල්ලොත් නරා වළට වැටිලා අපිට දුකයි අද ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන්න මිනිස්සු නෑ එදා පාර්ලිමේන්තුවේදී අපි gota go home කියද්දී 150ක් ඉන්න පාර්ලිමේන්තුව අපිට මතකයි 2021 ඒ ගොල්ලොන් අපට නැගිටින්න දුන්නේ නෑ, කතා කරන්න දුන්නේ නෑ හැබැයි ගෝඨා එළියට යනකොට කඩේ යන්න හිටියේ ලොම් හැලුණු එස් බී දිසානායක we want gota කිය කිය කෑගැහුවා එහෙම කිහිපදෙනෙක් විතරයි අද ඉන්නේ ඒක පාර්ලිමේන්තුවේ පිළිබිඹු වුණා.

සර්වපාක්ෂික වැඩපිළිවෙලක් වෙනුවෙන් සියලු දෙනාම එකතුවෙලා යාන්ත්‍රණයක් සකස් කරමින් ඉන්නවා ඒකට පක්ෂ ගණනාවක් ඉන්නවා නමුත් ජනතා විමුක්ති පෙරමුණ ආවෙ නෑ ඒ ගැන කණගාටුයි අපි දන්නේ නෑ ඒගොල්ලො ගේ න්‍යාය පත්‍රය මොකක්ද කියලා සර්වපාක්ෂික ආණ්ඩුවක් ඉල්ලන්නේ මේ රටේ මහා සංඝරත්නය පූජ්‍ය පක්ෂය බුද්ධිමත් විද්වත් සියලුම වෘත්තිකයෝ සමාජ ක්‍රියාකාරීන් අරගලයේ පාර්ශ්වකරුවන් මේ සියලු දෙනාම. එහෙම ඉල්ලද්දී ඒ සර්වපාක්ෂික රාමුව ඇතුලට ජනතා විමුක්ති පෙරමුණ එන්නේ නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඒක ලොකු ප්‍රශ්නාර්ථයක්. ඒ නිසා අපි කියනවා ගෝඨාභය ගෙන් තොර පාලන තන්ත්‍රයක් මේ රටේ හැදෙනකම් මේ රටට ඔලුව උස්සන්න බැහැ මේ රටේ මිනිස්සු කැප කරන්න උත්සාහ වෙන්නේ නෑ.

09 වැනිදාට අරගලයක් නිර්මාණය වෙමින් යනවා සියලු පක්ෂ ක්‍රියාකාරීන් එයට සම්බන්ධ වෙනවා සමගි ජනබලවේගය විදියට අපිට පුළුවන් උපරිම හයිය අපි දෙනවා .අපි සියලුම පාක්ෂිකයන්ට පුළුවන් අයට කොළඹ එන්න එක යනවා බැරි අයට තමන්ගේ ගම් පළාත් වල ඉදන් ගෝඨා එලවන සටනට ශක්තිය ලබා දෙන්න කියලා ඉල්ලනවා. අපි අරගලය කරුවන්ට සහය දෙනවා හැබැයි ලේබල් ගහගෙන අපේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය එතැන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපිට ඕනේ මේ සියලු දෙනාම එකතුවෙලා රට විනාස කරපු පොදු සතුරා එළවලා දාන්න. ඊට පස්සේ අපට යම් කාලයක් තුළ මේ රට ස්ථාවර තැනකට ගෙනල්ලා මැතිවරණයකට ගිහිල්ල ජනතාවට ඕන නායකයෝ පත්කරගන්න පුළුවන් .හැබැයි මුලින්ම මේ රට විනාශ කරපු පෙරේතයෝ ටික වෙලා ඉන්න ඕන මේ මහ එකා ගෝඨාභය රාජපක්ෂ එලවන්න ඕන. ඒ නිසා නම වෙනිදා මේක විසඳාගමු අපි ඉන්පසු නිශ්චිත කාලයක් තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා ජනතාවට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න එහිදී අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් ජනතාවට පුළුවන් සර්වපාක්ෂික යාන්ත්‍රණය ඇතුලට එන්න. ඒ හරහා රට ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මේක බංකොලොත් වෙන්න ඕන රටක් නෙමෙයි බංකොලොත් කරපු රටක් ඒ නිසා මේ බංකොලොත් භාවයට ඇද දාපු ගෝඨාභය රාජපක්ෂ නම වැනිදාට එලවන්න කටයුතු කරමු. ගෝඨා දැන් බය වෙලා ඉන්නේ බංකර් ප්‍රමාණය වැඩි කරලා ඊයේ අපි බාධක තුනක් කඩාගෙන ගියා හිරුණිකා ගේට්ටුව ඇතුලෙනුත් ගියා බුද්ධිඅංශය දන්නෙ නෑ ඒ නිසා මං දන්නේ නෑ හෙට වෙනකොට ජනාධිපති මන්දිරයෙන් වෙනත් තැනකට ස්ථාන මාරු වෙයිද කියලා හැබැයි අපි රටේ ජනතාවට කියනවා අවධානයෙන් ඉන්න ගෝඨා එලවන්න ඕන තවත් බය දැනෙන්න දෙන්න ඕන මේරටේ මිනිස්සු වෙනුවෙන් මිනිස්සු ජීවත් කරවීම වෙනුවෙන් රට ඉස්සරහට ගෙනියන්න ඕන. මේ වෙනවිට අපේ රටේ ස්වෛරීභාවය පාවල දීල තියෙන්නේ රටක් විදියට අපිට ගරුත්වය නැහැ ඒ නිසා මම සියලු දෙනාම ඒකරාශී වෙලා ගෝඨාභය එලවන සටනට දායකත්වය දෙන ලෙස ඉල්ලනවා.

ධම්මික පෙරේරා යනු බැසිල් රාජපක්ෂගේ රූකඩයක් ඔහුට වෙනම න්‍යායපත්‍රයක් ඇති නමුත් කටයුතු කරමින් ඉන්නේ බැසිල් රාජපක්ෂගේ රූකඩයක් විදියට අද තියෙන මහජන විරෝධතාවය වෙනුවෙන් උත්සාහ කරනවා රනිල් එලියට දාලා සුත්‍රයක් ගහන්න. මිනිස්සු රනිල් එද්දි බලාපොරොත්තුවක් ඇති කරගත්තා ජාත්‍යන්තර සබඳතා තියෙනවා කිව්වා සාක්කුවේ කෝට් එකේ හැම තැනම තියෙන ඩොලර් ගලාගෙන එයි කිව්වා පැය 48න් පෝලිම් නැති කරනවා කියලා වජිර අබේවර්ධන වැනි අම්බැට්ටයෝ ටික කිව්වා මිනිසුන්ගේ බලාපොරොත්තුවක් ඇති වුණා දැන් ඒ බලාපොරොත්තු ඉවරයි දැන් බැසිල්ගේ උපක්‍රමය රනිල් මෙතනින් ඉවත් කරලා තව මොකක් හරි දාලා මාසයක් දෙකක් ඇදගන්නේ කොහොමද කියලා මේ සියලු උපක්‍රම රට වෙනුවෙන් නෙමෙයි තමන්ගේ පවුල වෙනුවෙන්.

රාජපක්ෂලා ගහන්න තියෙන සියළු තුරුම්පු ගහලා ඉවරයි ධම්මික පෙරේර වත් ඊළඟට අගමැති කරන්න බැරි නැහැ මේ රටේ මිනිස්සු මේ සතිදෙක අතුලත රාජපක්ෂ පාලනය අවසන් කරනවා.