පසුගිය සතියේදී ලංකාවේ ජපාන තානාපතිවරයා වූ මිසුකොෂි හිදෙකි මහතා යාපනයේ සංචාරයක නිරත විය.

එම සංචාරය අතරතුරදී ජපාන තානාපතිවරයා දෙමළ සන්ධාන නියෝජිතයන් පිරිසක් සමග සාකච්ඡා පැවැත්වීමටද පියවර ගත්තේය.

මෙම සාකච්ඡාවේදී දෙමළ සන්ධාන නියෝජිතයන් රනිල් අගමැති ධුරය භාරගැනීමට ප්‍රථම රටටම කී ඩොලර් බිලියන 05 කතාව පිළිබඳ ජපාන තානාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය.

එහිදී පළමු වතාවට ජපාන තානාපතිවරයා ලංකාවට ආධාර කිරීම සම්බන්ධයෙන් ජපන් රජයේ ප්‍රතිපත්තිය අනාවරණ කිරීමට පියවර ගත්තේය.

ආණ්ඩුවට ලබාදෙන ආධාර නිසි ලෙස කළමනාකරණය නොකරන බවත්, එම නිසා මේ අවස්ථාවේදී ලංකාවට ආධාර නොකරන බවත් ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා එහිදී දෙමළ සන්ධාන නියෝජිතයන්ට පවසා ඇති බවක් දැනගන්නට තිබේ.

එමෙන්ම පසු අවස්ථාවකදී ඒ පිළිබඳ සලකා බැලිය හැකි බවද ඒ මහතා සඳහන් කොට ඇත. රනිල්