“ගෝඨා – රනිල් සාපය අවසන් කරමු” මැයින් දහස් ගණනින් ජනතාව කොළඹට කැඳවා අද (30) සවස 3.00ට කොළඹ කොටුවේදී විරෝදතාවයක් පැවැත්වීමට සමගි ජන බලවේගය කටයුතු සුදානම් කරමින් පවතිනවා.

පවතින පීඩාකාරී පාලනයට එරෙහිව කොළඹ ඇතුළු බස්නාහිර පළාත් ජනතාවට කොටුව දුම්රියපල ඉදිරියට එක් රැස්වන ලෙස සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ඊයේ (29) රටට විවෘත ආරාධනාවක් කළේය.

ඒ අනුව “ගෝඨා – රනිල් සාපය අවසන්කරමු“ යන තේමාව යටතේ අද සවස කොටුව දුම්රිය පල ඉදිරිපිටට ජනතාව එක්රැස් කර දැවැන්ත විරෝධතාවයක් ප්‍රකාශ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

මෙම සැලසුම හෙලි වීමත් සමග කොටුවේ සිට ජනාධිපති මන්දිරය දක්වා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ස්ථාන ගණනාවක මාර්ග බාධක පිහිටුවා ඇත.