ශ්‍රී ලංකාවට ආධාර හරවා යැවීම සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් පවතී.
@IMF News ඔවුන්ගේ සංචාරයේ දී ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට පත්වී තිබෙන කාල වකවානුවක මෙම ප්‍රශ්නය ඔවුන්ගේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරමින් තවත් එම වියවුලෙන් පෙළීමට හේතුව පිළිගත යුතුය.එසේ නොවුනහොත් අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවට දූෂිත දේශපාලකයින් ප්‍රතිලාභ ලබාගැනීමේ අවදානමක් ඇත.

Mark Malloch-Brown

ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර පිල්ලි ගැසීමේ ඉතිහාසයක් ඇති බවත්, ලංකාව මේ නරකාදියට ඇද වැටුණු සැබෑ හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගත යුතුව ඇති බවත්, ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මාර්ක් බ්‍රවුන් මහතා පසුගිය බදාදා (22) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ ලංකාවේ අර්බුදයට මැදිහත් වී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කාරණය ඔවුන්ගේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුව ඇති බවයි. එසේ නොවුනොත්, මේ වතාවෙත් දූෂිත දේශපාලනඥයන් සුපුරුදු පරිදි ප්‍රතිලාභ ලබාගෙන ජනතාවට කිසිවක් නොලැබීමේ අවදානමක් ඇති බවද පවසයි.