වර්තමානයේ රට අරාජික තත්ත්වයකට පත්ව ඇති බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත්ව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුල සමග ලංකාවින් පිටත්ව යන ලෙස සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දීලිප් වෙදආරච්චි මහතා පවසයි .

මුදල් ඇමතිවරයෙක් , මහබැංකු අධිපතිවරයකු නොමැති රටක් බවත්, විදේශිකයින් රටින් පිටත්ව යන බවත් පවසන මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තුනෙන් දෙකක බලයක් ලබා ගෙන පාර්ලිමේන්තුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ යෝජනා කළ නමුත් එයට රාජපක්ෂ පවුල් ඉඩ ලබා නොදෙන බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

තව දුරටත් කියා සිටියේ රාජපක්ෂවරුන්ට තමන් බය නැති බවත් රාජපක්ෂ පාලනය ඉවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

මේ බව කියා සිටියේ අද තංගල්ලේදී පැවති විරෝධතාවයට එක් වෙමිනි .