ඇතැම් පාර්ශවයන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම එක වගේ ලෙස පැවසුවත් එම කතාවට නොරැවෙටෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය .

වැඩි දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“දැන් කතාවක් කියනවා 225ම එක වගෙයි කියලා ඒ කතාවට රැවටෙන්න එපා ඒක හදන්නේ එකෙක් පාර්ශව ජනාධිපතිතුමාට ඡන්දය දුන්න හැට නම ලක්ෂයේ කොටසක් එය හදන්නේ. හොරා පාර්ලිමේන්තුවේ හිටියත් හොරා පිට හිටියත් හොරා හොරු නෙමෙයි පාර්ලිමේන්තුවට එවන්න ඕන හොඳ මිනිස්සු අපි කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමනි මේ සතියෙම ඔය ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්න අපි බලාගෙන ඉන්නවා ජනතාවගේ අපේක්ෂාව මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියන එකයි .එහිදී පුද්ගලයෝ වෙනස් කරනවා විතරක් නෙමෙයි ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා තමයි ජනතාව පවසන බව” මන්ත්‍රීවරයා පැවසීය.

තව දුරටත් කියා සිටියේ ,

“ඇතැමුන් අහනව අපි ආණ්ඩු බලය ගත්තොත් කොහොමද ආර්ථික ප්‍රශ්නය විසඳන්න යන්නේ කියලා එයට අපට පැහැදිලි සැලැස්මක් තියෙනවා නමුත් අපිට ආණ්ඩු බලයක් නැහැ ඒ අයගේ ජනාධිපති රාජපක්ෂ ඉන්නවා අගමැති රාජපක්ෂ ඉන්නවා ඊයේ පිට කෙනෙක් පත් කළා මුදල් ඇමති හැටියට එයා පැය විසි හතරක් තුළ අස්වුණා හෙට වෙනකොට තව රාජපක්ෂ කෙනෙක් පත් කරයි ද දන්නේ නැහැ මුදල් ඇමති හැටියට ඒක කලත් මිනිස්සු පුදුම වෙන්නේ නැහැ නමුත් ඔය ඔක්කොම සෙට් එකම ගෙදර යවන්න ඕන නැත්නම් ආර්ථික අර්බුදය විසඳන්න බැහැ විශ්වාසයක් තියෙන්න ඕන එසේ නැතුව ආර්ථික අර්බුදයක් විසඳන්න බැහැ අපි රාජ බලයක් ගත්තොත් අපි වගකීම ගත්තොත් පැහැදිලි විසඳන්න යන ක්‍රමය කොහොමද කියලා .ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වහාම උපදේශකයන් පත් කරනවා එයට ජාත්‍යන්තර උපදේශකයින් පත්කරනවා නීතිය, මූල්‍ය පිළිබඳව ඉන්පසුව අපි සාකච්ඡාවට යනවා මේක අපට අලුත් දෙයක් නෙමෙයි ලංකාව දාසය වතාවක් කරල තියෙනවා අපි ඒ අයගේ සහයෝගය අනුව අපි මුදලක් ලබා ගන්නවා ඒත් එක්කම තවත් ක්‍රියාවලි හතරක් කරනවා අපිට ණය ගෙවන්න වෙලා තියෙනවා ජාත්‍යන්තර ස්වෛයිරී බැඳුම්කර හැමදාම තිබුණේ නැහැ පලවෙනි වතාවට ගත්තෙ 2007 නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති වෙලා ඉන්නකොට මහින්ද රාජපක්ෂ රජය තමා ගත්තේ එතන ඉදන් තමයි මේ ප්‍රශ්නය උග්‍ර වෙලා තියෙන්නේ ඒවා දැන් ගේවනවා නමුත් අම්මට අවශ්‍ය කිරිපිටි නැහැ අම්මට අවශ්‍ය ඩොලර් එක දෙන්නෙ නෑ අපි හැමෝටම අවශ්‍ය විදුලිය ලබා ගන්න, ගල් අගුරු ලබාගන්න ඩොලර් දෙන්නෙ නැහැ. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වලට ඩොලර් නැහැ ගෙවා ගන්න. අලුත් අවුරුද්දෙන් පස්සේ වෙන දේ කියන්නේ බොහොම කණගාටුවෙන් ආහාර හිඟයක් ඇති වෙන්න පුළුවන් එය අස්වැන්න අඩුවීම නිසා එහිදී අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇවිත් තියෙන විස්තර අනුව අස්වැන්න අඩු වීම ඉතා විශාලයි. එසේ වුනොත් අනිවාර්යයෙන්ම පිටරටින් ආහාර ගේන්න වෙනවා. එසේ වුනොත් ගෙවන්න වෙන්නේ ඩොලර් වලින් නැත්නම් ඉන්දියාවට බංගලාදේශයට ඉන්දියාවට චීනයට වැදලා කියන්න වෙනවා කරුණාකර අපට කීයක් හරි දෙන්න මිනිස්සු ඉන්නේ බඩගින්නෙ හාමතේ ඒ තැනට රට සල්ලි වෙනවා මේවා අවුරුද්දකට ඉස්සරවෙලා අපි කියනකොට ආර්ථික වශයෙන් තල්ලු වෙන්න පුළුවන් තැන ගැන කියනකොට ගොඩක් අය විශ්වාස කළේ නැහැ අද මම කියනවා ආහාර හිඟය ගැනත් සමහරු විශ්වාස කරන්නේ නැතිව ඇති අපි දන්න කලින් දන්නවා නම් මෙහෙම අර්බුදයක් ඇති වෙන්න යනවා කියලා රටක් හැටියට විතරක් නෙමෙයි පවුලක් හැටියට තීරණ ගන්න පුළුවන් කොහොමද අපි අර්බුදයට මුහුණ දෙන්නේ කියලා එච්චර විශාල ගැටළුවක් මෙතැන තියෙන්නේ.

අපි අනිවාර්යෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කරනවා හැමෝම කැඳවලා මේසෙ වටේ තියලා මේක ගෙවන්න බැහැ කියලා කියනවා. ණය ගෙවනවද කිරිපිටි වලට ගෙවනවද විවාදයක් නෙමෙයි මිනිස්සු ජීවත් කරවන්න ඕන. අපි සියල්ලගෙන්ම ඉල්ලනවා නතර කරන්න කියලා. පසුව සාකච්ඡා කරලා ප්‍රතිව්‍යුහගත කරමු එසේ කරලා අපිටත් මේක විසඳන්න පුළුවන් විදියට මුදල් ගෙවා ගන්න පුළුවන් විදියට විසඳාගමු ඒකයි කළ යුත්තේ.”

යනුවෙන් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රිවරයා විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .