වත්මන් ආණ්ඩුව පෝලිම් යුගයක් නිර්මාණය කර ඇති බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා මේ රටේ සෞභාග්‍යය දැක්ම නිර්මාණය කරනවා කියලා රටේ ජනතාවට පෝලිම් යුගය නිර්මාණය කරා කියන එක තමයි අපට කියන්න තියෙන්නේ. එම නිසා මේ පෝලිම්වල ඉන්න මේ රටේ සමස්ත ජනතාවට මේ ආණ්ඩුව ගෙදර යැවීමට අවශ්‍ය වී තිබෙන බව පේනවා ඒ ගෙදර යැවීම සඳහා අවශ්‍ය ජනතාවගේ බලවේගය මේ රටේ වගකිවයුතු විපක්ෂයක් හැටියට ඒ සියලු පීඩනයෙන් දුකෙන් පෙළෙන ජනතාව ඒකරාශි කරමින් ආණ්ඩුව ගෙදර යැවීමේ පළවෙනි වෙඩිමුරය මාර්තු මාසයේ පහළොස් වැනිදා කොළඹ නිර්මාණය කරමින් ආණ්ඩුවේ සියලු වැරදි ,අපේ යුතුකම් පෙන්වා දෙමින් උද්ඝෝෂණය නිර්මාණය කිරීම සඳහා කටයුතු කරනවා ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් මේ රටේ දුක්විඳින ආණ්ඩුවෙන් බැට කන ආණ්ඩුවේ තිබෙන බරපතළ ආර්ථික පරිහානිය පිළිබඳ රට විකිණීම පිළිබඳ සියලු දේවල් වලට විරුද්ධතාවය දක්වන්න පුළුවන් හෘද ශාක්ෂියට එකඟව කොන්ද තියෙන රටේ බත් කන පුරවැසියන්ට ආරාධනා කරනවා මිත්‍රවරුනි ඔබට පුළුවන් මේ රටේ මේ කාලකන්නි රාජපක්ෂවරු සදහටම රට එළවා දැමීම කරන්න ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ආරම්භය වෙනුවෙන් නියෝජනය වී සහභාගි වෙන ලෙස ඉල්ලා සිටිනවා .

අපි සමහර මුහුණු පොත් වලින් දකින ජනතාවගේ අනුරාව පීඩනය කලකිරීම වේදනාව තරහව මේ ආණ්ඩුවෙන් පිටකරන්න පුළුවන් ඒ සදහා වන සාධාරණ උද්ඝෝෂණය මාර්තු පහළොස් වැනිදා උත්කර්ෂවත් විදියට සාර්ථකව සංවිධානය වෙලා තියෙනවා. ඒ නිසා ජාති කුලමල ආගම් භේදයකින් තොරව පක්ෂ පාට භේදයකින් තොරව මේ රටේ කාලකන්නි ආණ්ඩුවේ පීඩනයෙන් මිරිකෙන සියලු ජනතාවගේ වගකීම ඔබ ඔබේ අකමැත්ත මෙයා ආණ්ඩුව එපා වී ගෙදර යන්න ඕන කියන දේ ජනතාව විසින් පණිවිඩය ලබා දීම සඳහා සහන දෙන්න රටේ දුක්විඳින පුරවැසියන් ඔබේ ඒ ජන බලවේගයේ හයිය පෙන්වමින් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ බැසිල් රාජපක්ෂ ඇතුළු මහින්ද රාජපක්ෂ යන අය මේ කාලකන්නි තත්ත්වයට ඇද දමන මේ ආණ්ඩුව ගෙදර යවන්න ජන එකමුතු රැල්ල සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ සාර්ථක ක්‍රියාත්මක කරනවා.”

යැයි මන්ත්‍රීවරයා ඊයේ විපක්ෂ නායක කාර්‍යලයේ දී මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .