ලෝකයේ සහ ලංකාවේ අධි මර්දනය තුලින් ජනතා අදහස් යටපත් කිරීමට කටයුතු කළ නායකයින්ට අවසානයේදී ජනතාව දුන් තිරණ පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .

ඔහු කියා සිටියේ 70 සිට 77 දක්වා කාලයේ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලය තුළ 75 සිට 77 දක්වා වසර 2ක් ජනමතවිචාරණයක් හෝ නොපවත්නා දිර්ඝ කරමින් අවසානයේ අත්වු ඉරණම වනුයේ ජේ.අර් ජයවර්ධන මහතාට 6න් 5ක බලයක් හිමි වීම බවයි .

එම කාලය තුළ බණ්ඩාරනායක ආණ්ඩුවට එරහිව සිදු කළ සත්‍යග්‍රහ හා විරෝධතාවය පිළිබඳවත් පාර්ලිමේන්තුවේදී ඉම්තියාස් බාකීර් මාකාර් මන්ත්‍රීවරයා මතක් කළ සිටියේය .

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතු බවද, පැවසූ ඉම්තියාස් බාකීර් මාකාර් මන්ත්‍රීවරයා පවසා සිටියේ ලෝකයේ එකාධිපති නායකයන් උදාහරණයට ගනිමින් අවසානයේ ජනතාව දුන් තීරණය පිළිබඳ මතක් කළ සිටියේය .

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිරච්ච ලණු කපු නායකයින්ද වෙච්ච දේ සිහිකර ගන්නා ලෙසත් සිහින මවන්න එපා ජනතාව බලවත් බවත් එහෙයින් මහජනතාවගේ හඬ යටපත්කර නොහැකි බවද, ඉම්තියාස් බාකීර් මාකාර් මන්ත්‍රීවරයා ආණ්ඩුවට කියා සිටියේය.

සටහන – CJ