රට රකින්න රණවිරුවෙක් ඕන කියලා කිසිම දෙයක් දන්නේ නැති මනුස්සයෙකුට රට බාර දීල අද වන විට ජනතාවට කන්න නැතුව,ඉන්ධන නැතුව,විදුලිය නැතුව,ලෙඩකට රෝගිටයෙකුට පැනඩොල් වත් නැති බවත් ඉදිරියේදී අර්බුදය තවත් උග්රවන බව මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.
මේ මොහොත වන විට රට විශාල ආර්ථික අගාධයකට කඩාගෙන වැටිලා .අපි පසුගිය රජය කාලයේ නිවැරදි ආර්ථික කළමනාකරණයකින් යුක්තව මේ රටේ මිනිස්සුන්ගේ පාරිභෝගික ද්‍රව්‍ය ඉතාමත් සාධාරණ මිලකට සපයමින් 2014 ට වඩා අඩු මුදලකට ලබා දෙමින් ඖෂධ සියල්ලම මිල පහත හෙලා ඒවා ඉතාමත් අඩු මුදලකට ලබා දෙමින් ඉන්ධන සියල්ලම මිල අඩු කර ලබාදෙමින් මේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනවා නමුත් මේ අවුරුදු දෙකක කාලයක ඉඳන් රට විනාශය කරා යන බව පැවසීය.
ආර්ථික වශයෙන් අද වනවිට රුපියල අවපාත වෙලා අගය 50%කින් කඩාගෙන වැටිලා. තියෙන තත්වය අනුව තවත් 50% කින් ඉදිරියට කඩා වැටෙමින තිබෙන්නේ. ඒ නිසා වාහන මිල 100%න් ඉහළ ගිහින් ගොඩනැගිලි ද්‍රව්‍ය මිල 50% කින් ඉහළ ගිහින් ගෑස් 25% කින් ඉහළ ගිහින් අත්‍යවශ්‍ය ආහාරවල මිල 50%කින් මිල වැඩි වෙලා. එළවළු මිල 100%න් වැඩි වෙලා ආනයන භාණ්ඩවල මිල 40-50 % අතර ප්‍රමාණයකින් වැඩි වෙලා. එම නිසා පසුගිය වසරට වඩා මේ රටේ හැම කෙනෙක් අතේම ගිය වසරේ තිබුණු මුදල් වලට වඩා කාල පරිච්ඡේදයේදී මුදල් 50%කින් තිබිය යුතුයි එය එසේ තිබුනොත් තමයි ආදායම 50% කින් වැඩි වෙන්නේ. මේ රටේ ජනතාවගේ තැන්පතු වල වටිනාකමක් 50% කින් අඩු වුණා .ETF EPF එන් වලින් ඉතුරු වෙච්ච එහි වටිනාකමත් 50% කින් අඩු වෙලා තමන්ගේ වැටුප් වටිනාකමත් 50% කින් අඩු වෙලා තියෙනවා එකම වැඩේ ඉඩම් සහ නිවෙස් වල වටිනාකම 50% කින් වැඩි වෙලා තට්ටු නිවාස වල වටිනාකම 100%න් වැඩි වෙලා ඒ නිසා ජනතාවට මේකෙන් බේරෙන්නනම් තියෙන එකම ක්‍රමය තමන්ගේ මුදල් ඉඩම් සහ නිවාස තට්ටු නිවාස සඳහා ආයෝජනය කිරීම. නමුත් ඒක කරන්න පුලුවන් කී දෙනාටද. අතිමහත් බහුතර ජනතාවට එදා වේල කන්න සල්ලි නැතිව මේ ආයෝජනය කරන්නට බැහැ. ඒ නිසා අද මහ බැංකුව විනිමය වටිනාකමක් ගැන කියන කතාව විහිළුවක් .අද නිවාඩ් කබ්රාල් මැතිතුමා ලංකාවේ ඉන්න හොඳම විකට නළුවෙක් බවට පත්වෙලා. ඒගොල්ලන්ගෙ ඩොලර් වලට තියෙන වටිනාකම ගැන කියන කතා ඩොලර් ඕන තරම් තියෙන කතා ප්‍රෙඩී සිල්වාගේ විහිලු විදිහට ගණන් ගන්නේ.
රෝහල්වලට අවශ්‍ය ඖෂධ 250 කට වැඩිය නැහැ .හැම තැනකම අත්‍යවශ්‍ය ඖෂධ පිළිකා ඔෂධ බොහෝ ප්‍රමාණයක් නැහැ හෘද රෝග වලට නැහැ තයිරොක්සින් දියවැඩියාව ඒවා ලංකාවෙ නැහැ ඒ ගැන රජය හෝ ලබන්න ඕන antigen කිට් පවා නැහැ එම නිසා පරීක්ෂණ කරන්නේ නැහැ ජන සමාජය කොච්චර කෝවිඩ් රෝගීන් ඉන්නවද කියලා හොයාගන්න බැහැ අද බොහෝ රෝහල් වල ශල්‍යකර්ම කරන්න පාවිච්චි කරන දේවල් බොහොමයක් නැහැ රෝගියට බැන්ඩේජ් එක පවා ගේන්න වෙලා. ඔපරේෂන් කරන්න රෝගියා රස්තියාදු වෙන තරමට පුද්ගලික රෝහලකින් සැත්කම කරගන්නත් පුළුවන් බවත් අද මේ වෙන විට රෝහල් 44ක පැනඩෝල් නැතැයි ඒ බව මුලින්ම කිව්වේ මාධ්‍යවේදියෙක් ඔහු එය ලියන්නත් බයේ සිටින බවත් අද මාධ්‍ය නිදහස කෙලෙසමින් තිබෙනවා යැයි පැවසීය.
යහපාලන රජය කාලයේ මේ රටේ 100% ක නිදහස් සෞඛ්‍යයක් බවට පත්කළ බවත් අද ස්ටෙන්ට් එක දාන්න මිනිස්සුන්ට සල්ලි නෑ කාලයක් ගිහිල්ලා එක් ඔපරේෂන් එක නැත්නම් මරණයයි. කරණ සංඛ බද්ධය අද කරන්නේ නැහැ ඒ නිසා ඉපදෙන දරුවෝ සදාකාලිකවම බිහිරි සහ ගොළු බවට පත්වෙන බවත් සෞභාග්‍යය දැක්ම කරන්න ගිහිල්ලා. රණවිරුවෙක් ඕන කියලා ගිහින් කිසිම දෙයක් දන්නැති මනුස්සයෙකුට රට බාර දීලා මේ තත්ත්වයට අද රට පත් වී ඇතැයි පැවසීය.
අද රටේ ඉන්ධන නැහැ රු .207 ගහන්න තියෙන තෙල් IOC ෂෙඩ් එකෙන් රු.213 ට ගහනවා. හැම තැනකම ඉන්ධන හිඟයක් .මේ ඉන්ධන හිඟය නිසා රටේ ප්‍රවාහනය බලපෑම් ඇතිවෙනවා. ඉන්ධන නැවක් ආවම ඒක පිළිගන්න ඇමතිවරයා වරායට යනවා මෙහෙම භූත ඇමතිලා ලෝකෙ කොහේව ත් නැහැ. බලුකිස්තාන වත් ඉන්නවද දන්නෙ නැහැ. ඉන්ධන නැවක් ආවම ඇමතිවරයා යනවා සංදර්ශන පවත්වන්න හරියට නිකම් දුන්න වගේ මේ විලිලැජ්ජා නැති ඇමතිවරු බව සදහන් කළේය .
ඒ අතරේ අද විදුලිය කපනවා ඊයෙ පැය දෙකහමාරක් කැපුවා .එදා විදුලිය නැතිවුණේ විදුලි අර්බුදය නිසා දැන් නැති වෙන්නේ සල්ලි නැති නිසා. ඒ තරම් බංකොලොත් ආණ්ඩුවක් .විදුලිය දෙන්නවත් ඩොලර් නැහැ නිවාඩ් කබ්රාල් කියනවා ඩොලර් වල කිසිම හිඟියක් නැහැ කියලා. චන්න ජයසුමන කියනවා කොහේවත් පැරසිටමෝල් හිඟයක් නෑ කියලා . මිනිස්සු එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න වලට මේගොල්ලෝ එක්ටැම් ගෙවල් වල ඉදන් කියවනවා.
දැන් ජනාධිපති යනවා ගොවියන් බලන්න ගිහින් ගොවියෝ එක්ක ඇරගන්නවා ලංකාවේ කවදාවත් මෙහෙම සිදු වුණේ නැහැ. වෙන ජනාධිපති කෙනෙක් ආවම අත වනලා කොඩි වනලා ආසාවෙන් රටේ නායකයා පිළිගත්තා. අද මිනිස්සු ඇදල අරිනවා මිනිස්සු කියනවා පොහොර නෑ කියලා ජනාධිපති කියනවා අපි අවුරුදු දෙකක් නිකන් දුන්නා ඒ නිසා මේ සැරේ පොහොර නැතුව වගා කරන්න කියනවා. ඒක තමයි කිව්වේ පොහොර ඇතුව හෝ නැතුව මම කෘෂිකර්මය නගා සිටෙවුව්වා කිව්වේ. ජනාධිපති ගිහින් කියන්නේ පරණ කතාවක් එයා විතරක් නෙමෙයි අපේ ආණ්ඩුවත් පොහොර නිකම් දුන්නා. ඒ මිනිස්සු නිකම් එපා සල්ලි වලට දෙන්න කියනවා. සල්ලි වලට වත් නැහැ නැති තත්ත්වයක් අද තියෙන්නේ.
කවුරුත් දන්නවා ගුවන් යානයක් පදවනවා නම් එයට ගුවන් නියමුවෙක් ඕන , නැවක් පදවනවා නම් නාවිකයෙක් ඕන ,ශල්‍යකර්මයක් කරනවා නම් ඒක කරන්න ශල්‍ය වෛද්‍යවරයෙක් ඕන ,ඒ වගේම සර්කස් එකේ විනෝදය ලබා දෙන්න විකටයෝ ඕන විකටයෙක්ට බැහැ ගුවන් යානය පදවන්න විකටයට බැහැ නැව් පදවන්න විකටයන්ට බැහැ ඔපරේෂන් කරන්න දැන් වෙලා තියෙන්නේ විකටයෝ සෙට් එකට ඔක්කොම බාරදීලා. ඒ නිසා මේ විකට නාඩගම අවසන් කරලා විකටයෝ ටික එලවලා රටේ නව රජයක් බිහිකරන්න කාලය එළඹී ඇතැයි .එසේ නැතුව කිසිම විසඳුමක් රටට නැති බව මන්ත්‍රීවරයා අවධාරණට කළේය.