වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දවසේ සිට මේ දක්වා ඉන්ධන මිල වැඩි කරමීන් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .

මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ,

“ඉන්ධන මිල තියෙන්නේ ඉතාමත් ඉහළ තැනක. ඒක දකුණු ආසියාවේ ලෝකෙ කොහේ ගත්තත් අපේ ඉන්ධන මිල ඉහළ තැනක තියෙනවා . රටේ ජනතාව ඉන්ධන නිකම් ගහන්නේ නැහැ. සල්ලි දීලා ගහන්නේ. එහිදී මේ ඉන්ධන මිල ඉහළ තැනක තිබියදී අද ආණ්ඩුව නාට්‍යයක් සංදර්ශනය කරනවා. ආන්ඩුවේ පරමාර්ථය කොහොමත් මිල වැඩි කරන්නයි. නමුත් මේක මේ වෙලාවේ මාධ්‍ය සංදර්ශන දානවා. සංස්ථාව ඉල්ලනවා කියලා. අන්තිමට ඉන්ධන මිල වැඩි වෙන එක තමයි සිදු වෙන්නේ. මේ ආණ්ඩුව ආපු වෙලාවේ ඉන්ධන මිල වැඩි කළා. ලෝක වෙළෙඳ පොළේ අඩු වෙලාවෙත් ඒ සහන ජනතාවට දුන්නේ නැහැ. එදා මංගල සමරවීර මැතිතුමා මිල සූත්‍රය ගේනකොට කිව්වේ මොකක්ද පුළුවන් තරම් බැන්නා අද ආණ්ඩුව මිල සූත්‍රය ගෙන් හදනවා. ඇත්තටම මිල සූත්‍රය ගෙනාවනම් කොරෝනා වෙලාවේ ඉන්ධන මිල ලෝකයේ වුණා අඩුවුණා සමහර තැන් වල ඉන්ධන විකුණගන්න බැරි ඒ වෙලාවේ වත් ඒ ලාභය ජනතාවට දුන්නේ නැහැ. ආණ්ඩුව අද කරන්නේ හැම බරක්ම ජනතාව පිට පටවමින් ඉන්න එනයි එය ඉන්ධන විතරක් නෙමෙයි සියල්ලගෙන්ම බව” පැවසීය.

තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා .

“උදය ගම්මන්පිල අද විහිළු සපයන්නෙක් බවට පත්වෙලා එදා ඉන්දියානු අගමැතිවරයා ලංකාවට එනකොට කළු කොඩි දැම්මා. එතුමා ආවේ මේ රටේ නිවාස නැති අයට ආධාර දෙන්න එහෙම කළු කොඩි දාපු ඇමතිවරයා ඉන්දියාවෙන් තෙල් නැවක් එනකොට පිළිගන්න ලැජ්ජ නැතිව ඇමති යනවා.එහිදී බංකොලොත්භාවය එතනින්ම පේනවා ගම්මන්පිල කියන ඒවා දැන් රටේ ජනතාව විශ්වාස කරන්නේ නොකරන බව” ජේ.සී අලවතුවල මන්ත්‍රීවරයා කියා සිටියේය .