වත්මන් ආණ්ඩුව බලයට පත්වුයේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු අල්ලා දඩුවම් දෙන බව පවසමින් බවත් එහෙත් මේ දක්වා මහමොළකරු අල්ලා නැති බවත් මෙම ආණ්ඩුවේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොකරන බව පැවසූ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කියා සිටින්නේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු අල්ලා දඩුවම් කරන්නේ සමගි ජන බලවේග ආණ්ඩුවක් මගින් බවයි .

අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ ,

පාස්කු ප්‍රහාරය එය සිදු වෙලා මේ අප්‍රේල් 21 ට වසර තුනක් වෙනවා. කාදිනල් උන්වහන්සේ කියනවා අහිංසක මිනිස්සුන්ගේ ලේ වලින් බලයට පත්වුණාම හරියන්නේ නැහැ සාප වෙනවා කියලා දැන් සිදු වෙමින් පවතින බවයි .

තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

ගොවි ජනතාව කුඹුරට ගිහින් කියනවා මුන්ට හෙන ගහන්න ඕන කියලා .ආණ්ඩුව කරන හැමදේම ෆෙල් වෙනවා ඒ තමයි කාදිනල්උන් උන්වහන්සේ කියපු වගේ අහිංසක මිනිසුන්ගේ ලේ වලින් බලයට පත්වුණාම වෙන දේ. දැන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු තවම අල්ලලා නැහැ එය අල්ලන්නේ සමගි ජන බලවේගයයි. මියගිය අයට සාධාරණය ඉෂ්ට වෙන්නේ සමගි ජන බලවේග රජයක් තුලයි. ක්‍රිස්තියානි ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ නැහැ .අපි අභියෝග කරනවා පුළුවන්නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු එළියට දාලා වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන්න ඒක වෙන්නේ නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය

ඊලග මැතිවරණයයෙන් වත්මන් ආණ්ඩුව පරදින බවද අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේය .

මේ අදහස් දැක්වූයේ අද(06) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .