ආණ්ඩුව පත් වූ සැනින් කෝටිපතියන්ට බදු සහන ලබාදෙමින් සිදුකළ අදූරදර්ශී අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන මූලිකව රටේ පරිහානිය සිදු වීම ආරම්භ වූ බව පැවසූ විපක්ෂ නායකතුමා අද වන විට අත්‍යවශ්‍ය ඖෂධ ටික ලබාගැනීමට පවා මුදල් අහිමි වූ බංකොලොත් තත්ත්වයකට රට පත්ව ඇතැයි ද පැවැසී ය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ (10) පස්වරුවේ කිලිනොච්චිය පැවති ජන හමුවකට එක් වෙමිනි.