ආණ්ඩුවට ඩොලර් නිපදවිමට නොහැකි බවත් සමගි ජන බලවේගය මගින් රටට ඩොලර් නිෂ්පාදනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවත් සමගි විදේශගත ශ්‍රී ලංකා බලවේගය අරඹමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි .
විදේශගත ශ්‍රමිකයන් උනන්දු කිරීමෙන් ඔවුන් දැනුවත් කර රට තුළට ඩොලර් ගෙන ඒමට කටයුතු කරන බවයි හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා කියා සිටියේ .
ඔහු පවසා සිටියේ විදේශගත ශ්‍රමිකයන් සිටින සියලු රටවල එනම් යුරෝපා රටවල් , එංගලන්තය ,ජපානය , කොරියාව , මැදපෙරදිග රටවල් හා ඕස්ට්‍රේලියාවේ සමගි විදේශගත ශ්‍රී ලංකා බලවේග පිහිටුවන බවත් දැනටමත් ඕස්ට්‍රේලියාවේ මෙය අරඹා ඇති බවයි .
මෙම වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් ඉලක්ක කර සංවිධානය කරන වැඩපිළිවෙළක් නොවන බවත් මේ මගින් අපේක්ෂා කරන්නේ ඉදිරියේදී රටට ගලා එන ඩොලර් සංචිතය 200% දක්වා වැඩි කිරීම බවයි.
වැඩි දුරටත් හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා කියා සිටියේ විදේශගත වී සිටින පවුල්වල දරුවන්ට ග්‍රාමීය මට්ටමේන් විශේෂ ප්රමුඛතාවයන් ලබාදෙන වැඩපිළිවෙළක් නිර්මාණය කරන බවයි .
විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලු නිරාකරණය කිරීමට විදේශ සේවා නියුතු කාර්යාංශ සමග සාකච්ඡා පවත්වන බවත් විදේශගතව සිටින ශ්‍රමිකයන් පිළිබඳ සියලු අමාත්‍යාංශ එක් වී මසකට වරක් හෝ ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ යුතු බවද හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා කියා සිටියේය .
ඔහු මේ බව කියා සිටියේ සමගි විදේශගත ශ්‍රි ලංකා බලවේගය අරම්භ කරමින් ය.
සටහන – CJ