පසුගිය සතිය තුළ විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවක් පැවැත්වුණි .

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ හුස්මක් වැඩසටහන අගයමින් වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින  kidney Dialysis machine සදහා රුපියල් ලක්ෂ 196ක මූල්‍ය ආධාරයක් හුස්මක් වැඩසටහනට ලබා දීමට චීන රජය (22) කටයුතු කළහ.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා වුණේ මොනවාද ?

“රාජතාන්ත්‍රිකයි කියන සමහර මහා ලොකු චරිත වලට සද්ද නැතුව ඔබතුමා හොඳ පාඩමක් කියල දීලා.”

balavegaya 1qYFG2q4GhZsln9RrTRWIkgbEKSTLrq7

නලින් බණ්ඩාර කීවේය.

“රට ව්‍යසනයකට පත් වෙලා  තියෙන වෙලාවක රටට උදව්වක් ගන්න බැරිනම් මොන තරම් රාජතාන්ත්‍රික වුණත් වැඩක් නැහැ.සැබෑ රාජතාන්ත්‍රික කම කියලා කියන්නේ රටේ මිනිස්සු වෙනුවෙන් ලෝකයෙන් උදව් අරගන්න එකට.”

balavegaya image 1516913157 33cb24c96b

මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

” රට බංකොලොත් වෙමින් සුන් බුන් වෙලා තියෙන වෙලාවක, ආණ්ඩුවේ සමහරු කරන්නේ  කයිවාරු ගගහ තමන්ගේ මඩිය තර කරගන්න එක.මේ වෙද්දිත් රට ණය බරින් හෙම්බත් වෙලා. ණය ශ්‍රේණිගත කිරීම්වල අපේ රට පහළටම වැටිලා.එහෙම වෙලාවක ලෝකයේම සහයෝගය අවශ්‍යයි.අනික් අතට අපි පුළුවන් විදියට ඒ සහයෝගය රටට ලබා ගන්නවා”

සජිත් උත්තර දුන්නේය.

“ලංකාවේ තියා ලෝක ඉතිහාසය වත් විපක්ෂයක් පිටරටකින් රාජතාන්ත්‍රික මට්ටමෙන් ආධාර අරගෙන නැතිව ඇති.එහෙම බලපුහාම මේක ඓතිහාසික වැඩක්” 

balavegaya rajitha senaratne

එහෙම කිව්වේ රාජිත ය.