අද රටේ ජනතාවට ආණ්ඩුවෙන් පැත්තකින් නත්තල් තෑග්ගක් ලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඒ මහතා මෙසේද කීය., “අමිහිරි පීඩනය වර්දනය කරවන , මිනිස්සු තුළ තිබෙන දරිද්‍රතාවය, දුප්පත්කම ,නැති බැරිකම දුප්පත්කම තවදුරටත් අහස උසට ගෙන යන ඉන්ධන මිල වැඩි කිරීම ආණ්ඩුව කළා. ඉන්ධන මිල වැඩි කිරීමේ නත්තල් තෑග්ගක් ජනතාවට ලබා දීලා තියෙනවා. දැන් මං ආවේ වෙනස් තෑග්ගක් එක්ක. මං ආවේ රෝහල් උපකරණ ලබා දීලා මිනිස්සු ජීවත්කරවන ගමන ශක්තිමත් කරන්න. නමුත් අද වෙනත් නත්තල් තෑග්ගක් ලැබිලා තියෙනවා. මට ආරංචි විදියට අනු දෙකේ පෙට්‍රල් 20කින් වැඩි වෙලා අනු පහේ 23 කින් වැඩි වෙලා ඩීසල් දහයකින් super diesel 15කින්, භූමිතෙල් දහයකින්. දැන් මේකෙ බරපතළ කාරණය ලෝකයේ බොරතෙල් මිල පහළ වැටිලා ලෝකයේ තෙල් මිල පහළ වැටෙන කොට ප්‍රශස්ත රාජ්‍යයක, විද්‍යානුකූලව පාලනය වන රටක බොහෝවිට සිදු විය යුත්තේ ලෝකයේ අඩු වෙනකොට අපිත් අඩු කරන්නට ඕනේ.එක තමයි සූත්‍රය. ඒක තමයි වැඩපිළිවෙළ. පහුගිය කාලේ සූත්‍රවලට ගැහුව නේ ලොකු ගැහිල්ලක්. දැන් මොකද්ද මේ සූත්‍රය මට තේරෙන්නෙ නෑ. ලෝකෙ මිල අඩු වෙනකොට මෙහෙ වැඩි වෙනවා. ඒක මට තේරෙන්නෑ. අපි කියන්න කැමතියි මේකට තියෙනවා බරපතළ හේතුවක්. බරපතළ හේතුව තමයි ආර්ථික කළමනාකරණය පිළිබඳව දැනුමක් නැතිකම. දැක්මක්, දර්ශනයක් නැතිකම. අවබෝධයක් නැතිකම මේ මහා විනාශය මූලාරම්භය කොතනද දන්නවද? ආපු හැටියෙම රාජ්‍යය ආදායම අහිමි කරල රුපියල් බිලියන හය සියක්, හත්සියයක් කෝටිපති යන්ට පෝසතුන්ට බදු සහන ලබාදුන් එකේ පලවිපාක තමයි අපි මේ අත්විඳින්නේ. බදු සහන දුන්නා. රාජ්‍ය ආදායම අනුව නම් මූල්‍ය කළමනාකරණය අවහිර වුණා. මේ වගේ අදූරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට fitch ratings එක අපේ රටේ පහළ දැම්මා. ඒ වගේම standard and poor ශ්‍රේණිගතකිරීම අපේ රට පහළ දැම්මා. ජාත්‍යන්තර ණය වෙළඳපොලේ අඩු පොලියට අපේ රටට ණයක් ගන්නට බැරි වුණා. විදේශ සංචිත හිස් වේගෙන එනවා. අපට අනාගතය තෙල් ටික ගන්න පුළුවන් වෙයිද, ආහාර ටික ගන්න පුළුවන් වෙයිද, ඒ වගේම බෙහෙත් හේත් ගන්න පුළුවන් වෙයිද කියන එක බරපතල ප්‍රශ්නාර්ථයක්. ඉතින් පටන් ගත්ත 2019 අග භාගයේ සහ 2020 මුල්භාගයේ. දැන් මෙය පටන් ගත්ත එක නතර කරන්නට බැරි මහා විශ්‍රම චක්‍රයක් බවට පත්වෙලා. මුදල් ඇමැතිතුමත් රටේ නෑ මේ වෙලාවේ. මන් දන්නෑ මොල හතෙන් දීපු සිග්නල් එකක්ද කියලා මේ වෙලාවේ ලෝකය පහළ බහින කොට මෙහෙ උඩට දාන්නෙ කියලා. කිව්වනෙ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික මොල හතෙන් විසඳනවා කියලා. අපට නම් දන්න විදියට තියෙන්නේ එක මොළයයි. මොල හතේ සූත්‍රය තමයි ලෝකයේ පහළ යනකොට අපේ රටේ ඉහළ යන එක.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ සමගි ජනබලවේගයේ හුස්මක් හරහා ලුනාව රෝහලට රෝහල් උපකරණ බෙදා දීමේ වැඩසටහනට එක් වෙමිනි