මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විශ්‍රාම වැටුපත් වැටුපත් ලබාගනිමින් සිටින බව මහබැංකු ආරංචිමාර්ග සදහන් කරයි.
මහ බැංකු අධිපතිවරයා ලෙස කලින් අවස්ථාවේදී කළ සේවය වෙනුවෙන් වැටුපෙන් සියයට 74ක් ලබා ගනිමින් සිටී. ඊට අමතරව වැටුප ලෙස මාසිකව රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබාගනියි.
මෙය මීට පෙර මහ බැංකු අධිපතිවරුන් ලෙස කටයුතු කළ අධිපතිවරුන් ලැබූ වැටුපට වඩා විශාල මුදලකි. මහ බැංකුවේ හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මාසිකව ලබා තිබුණේ රුපියල් එක්ලක්ෂ පනස් දහක වැටුපකි.
අජිත් නිවාඩ් කබ්රාල් පෙර සේවා කාලය වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ඉල්ලා තිබූ අතර එම විශ්‍රාම වැටුප වත්මන් ආණ්ඩුව යටතේ අනුමත කරගෙන තිබුණි. හිග විශ්‍රාම වැටුප් ලෙස ඔහුට මේ වන විට ලක්ෂ හැත්තෑවක මුදලක් ගෙවා ඇත.
මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් නොතිබුණ අතර අජිත් නිවාඩ් කබ්රාල් එවකට සිටි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන් ඉල්ලා තිබුණේ විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙසටය. ඒ සදහා වන අනුමැතියක් වසර ගණනාවක් තිස්සේ නොලැබුණ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ විශ්‍රාම වැටුපක් ලබාගැනිමට ඔහු කටයුතු කළේය.
ඒ අනුව වසර පහක සේවා කාලයෙන් පසුව මහ බැංකු අධිපතිවරයෙක්ට විශ්‍රාම වැටුපක් ලබාගැනීමට හැකියාව ලැබේ. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්නේ වසර දහයක රාජ්‍ය සේවයේ ධූර කාලයකින් පසුවය.
එයට ඇති එකම ව්යයතිරේකය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර පහකින් පසුව විශ්‍රාම වැටුපකට හිමිකම් කීමයි. එයද අය වැය මගින් වසර දහයක් දක්වා දීර්ඝ කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යෝජනා කළ අතර ඒ සියල්ලටම ඉහළින් යමින් මහ බැංකු අධිපතිවරයෙක්ට වසර පහකට පසුව විශ්‍රාම වැටුපක් හිමිවේ.