යුගදනවි ගනුදෙනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් අහෝසි කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නීතිඥ සංගමය පවසයි .

මේ බව පවසා සිටියේ (14) අද දින ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ සමගි ජන බලවේග නීතිඥ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේ දීය.

එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා.

අද වනවිට ප්‍රශ්න ගත කාරණාවක් තමයි යුගදනවි ගනුදෙනුව සහ ඊට අදාළ එල්එන්ජී ගනුදෙනුව.මෙම ගනුදෙනු සඳහා පාදක වන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් 2021 සැප්තැම්බර් 6 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවක් මගින් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය අනුමැතියට ඉදිරිපත් කරනවා .

පළවෙනි කාරණාව තමයි යුගදනවි විදුලි බලාගාරයේ හිමිකම තියෙන west coast power limited කියන සමාගමේ හා භාණ්ඩාගාරය විසින් දරන 40% ක කොටස් ඇමරිකානු සමාගමක් වන new portres energy කියන සමාගමට විකිණීම සම්බන්ධයෙන් වන යෝජනාව. මෙම යෝජනාව අනුව කැබිනට් පත්‍රිකාවට මෙම 40% ක කොටස් ඩොලර් මිලියන 250කට රජය තක්සේරුකරු විසින් තක්සේරුව සිදුකර තියෙනවා. නමුත් මෙය කැබිනට් මණ්ඩලය සමග එවැනි තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර නැහැ .ඒ වගේම එහි යෝජනා කරනවා ඩොලර් 250 ක මුදලකට එම කොටස් new portres energy කියන ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා අනුමැතිය ලබා දෙන්න කියලා. එම විකිණීමට අදාළ වන ගිවිසුම කැබිනට් පත්‍රකාව සමග ඉදිරිපත් කරන්නේ නැහැ. එතකොට විකිණීමට අදාළ වන කොන්දේසි මොනවාද කියන එක හෝ නියමිත වටිනාකම කුමක් ද කියන එක සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට නිසි අවබෝධයක් නැහැ .නමුත් කැබිනට් මණ්ඩලය මේ කොටස් 40% විකුණන්න new portraits energy සමාගමට අනුමැතියට ලබා දෙනවා ඒ ගිවිසුම දැකලත් නෑ ,කොන්දේසි දැකලත් නෑ ,ඒ උනාට 40% කොටස් විකුණන අවසර ලබා දෙනවා.

ඒ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් ගිවිසුම අත්සන් කරන්න භාණ්ඩාගාරයේ ලේකම්ට කැබිනට් මණ්ඩලයේ ලේකම් පවසන ආකාරයට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා එම අනුමැතිය ලබා දුන්නට පස්සේ භාණ්ඩාගාරයේ ලේකම් විසින් ඒ සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා. ඒ ගිවිසුම මොකක්ද කියන එක කැබිනට් මණ්ඩලයට හෙළිදරව් කරන්නේ නැහැ. නමුත් කැබිනට් පත්‍රිකාව අනුව පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ගිවිසුම අත්සන් කරාට පස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා ගිවිසුමක් අත්සන් කරාට පස්සේ අපි කවුරුත් දන්නවා ඉන් ඉවත් වෙන්න හැකියාවක් නැහැ .එතකොට කබීනට් මණ්ඩලයට ඉදිරිපත් කළත් ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් පියවරක් නැහැ. මේ ගිවිසුම අත්සන් කළාට පස්සේ වත් ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ පාර්ලිමේන්තුවේ දී මෙම ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා මන්ත්‍රීවරුන් හඩ නැගුවත් පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කළෙත් නැහැ.

මේ ගිවිසුම අත්සන් කරල තියෙන්නෙ කැබිනට් මණ්ඩලය විසින් අත්සන් කරන්න බලය පවරපු new portraits energy එක සමග නෙමෙයි lanka එන්නෙත් NFS lanka power holding සමාගමත් එක්ක ඒ දීමේ ගිවිසුම් අත්සන් කරපු මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ ගිවිසුම කියවලා තිබුණේ නැද්ද, එතකොට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට මේ ගිවිසුම අත්සන් කරන්න කියලා බලය පවරා තිබුණු new portraits energy සමාගමත් සමග එහිදී NFS lanka power holding සමාගමත් සමග ගිවිසුම අත්සන් කරනකොට ඒ බව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට අවබෝධයක් තිබුණෙ නැද්ද එහෙම නැත්තං එතුමට වෙනත් විශාල බලපෑමක් තිබුණද මේවා තමයි අද අපි ඉදිරියේ තිබෙන ප්‍රශ්න .අපි හොයල බැලුවා NFS lanka power holding කියන සමාගම මොන වගේ එකක්ද කියලා.NFS lanka power හෝල්ඩින් සමාගම ඇමරිකාවෙන් Delawer කියන ප්‍රාන්තයේ ලියාපදිංචි කරන සමාගමක් එය 2021 පෙබරවාරි මාසේ 23 ලියාපදිංචි කරන තිබෙනවා එය තවම අවුරුද්දක්වත් වයස නැහැ මෙම සමාගමට ඒ වගේම එම ප්‍රාන්තයේ නිල වෙබ් අඩවියේ සඳහන් කරුණු අනුව මෙම සමාජමය වාර්ෂික බදු තක්සේරුව සඳහා වටිනාකම ඩොලර් 300යි එතකොට මේ වගේ සමාගමකට තමයි මේ යුද්ධ දනවි බලාගාරය හිමි සමාගමේ ලංකාවේ භාණ්ඩාගාරයේ තිබුන 40% කොටස් විකුණන්න ගිවිසුම් අත්සන් කරලා තියෙන්නෙ මේ ගිවිසුමට ඇතුළත් වෙන්න කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දීලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ රටේ තියෙන නීතිය මේ රටේ තියෙන බලශක්ති ප්‍රතිපත්ති ඒ වගේම මේ රටේ මහජනයා විසින් කැබිනට් මණ්ඩලය වෙත කියන ලද විශ්වාසය කඩ කරමින් ඒ නිසා තමයි අපි පක්ෂයක් විදිහට මේ ගනුදෙනුව දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අපි ප්‍රරශ්නයට ලක් කරලා මේ ගනුදෙනු අහෝසි කරන්න කටයුතු කරමින් ත
ඉන්නේ.