ආණ්ඩුව විසින් ඇති කරා වු ප්‍රශ්න නිසා රටේ ජනතාව ආණ්ඩුවට විරුද්ධව විරෝධතා සිදු කළ බවත් එමගින් ආණ්ඩුව දැව්නට අපිට කරන්න දෙයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුණිල් මහතා පැවසීය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

මේ ආණ්ඩුව විසින්ම නිර්මාණය කර ඉල්ලගෙන කාපු ප්‍රශ්න නිසා තමයි මේ රටේ ජනතාව නැගිට්ටේ. එහිදී පොහොර වෙනුවෙන් මේ ආණ්ඩුව අනුගමනය කරපු ප්‍රතිපත්තිය නිසා තමයි ගොවියන් නැගිට්ටේ ඒ නිසා තමයි රටපුරා ගොවි විරෝධතා කරමින් මේ රටේ නායකයින්ගේ, ජනාධිපතිවරයාගේ, කෘෂිකර්ම ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයින් ගේ පඹයෝ පිච්චුවේ. එසේ කරමින් දැවැන්ත ගොවි අරගලයක් මහපොළොව තුළ නිර්මාණය කළේ මේ ආණ්ඩුවයි එසේ
නිර්මාණ කරමින් අව්ලපු ගින්දර තුළින් මෙය ආණ්ඩුව දැව්නට අපට කරන්න දෙයක් නෑ.

ඒ වගේම ගුරුවරුන් පාරට දැම්මේ ද මේ ආණ්ඩුවයි. ගුරුවරුන්ට කාලකන්නි කිව්වා වැටුප් විෂමතාවයට සාධාරණය ඉටු කරනවා කියලා ගුරුවරුන්ගේ කරපිටින් ගිහිල්ලා බලය ගත්තා ඉන් පස්සේ ගුරුවරුන් නොසලකා හැරියා. එතකොට ඒ ගුරුවරු ටික පාරට බැස්සේව්වේ මේ ආණ්ඩුවයි කියන කාරණය පැහැදිලියි .ඒ ආකාරයටම වරාය සේවකයෝ ටිකත් පාරට දැම්මේ මේ ආණ්ඩුවයි .

අද රටේ විවිධ ක්ෂේත්‍ර වල ඉන්න සේවකයන් රෝහල්වල සුළු සේවකයින්, කම්කරුවන්, විවිධ වෘත්තිකයින්ට පාරට බහින්න කටයුතු කළේ මේ ආණ්ඩුවයි ඉතින් ඒ විවිධ වෘත්තිකයන් පාරට බස්සලා ඒ අයගේ ප්‍රශ්න ගණන් ගන්නේ නැතුව ඉන්න මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නැහැ. මේක මේ අපි හිතා මතා රට කඩාකප්පල් කරන්න අදහසකින් මේ කරපු දෙයක් කියන කාරණය කියන්න හැකියාවක් නැහැ. මේ අය විසින් ඇති කරපු අර්බුද නිසා තමයි මේ ආණ්ඩුව පිච්චෙන්නේ .

තුෂාර ඉදුණිල් මහතා මේ බව පවසා සිටියේ අද(10) සමගි ජන බලවේගයේ පක්ෂ කාර්‍යලයේ දීය.