ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සඳහා අපේ දැක්ම යනුවෙන් අද(07)විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී දැක්වූ අදහස්.

සමගි ජන බලවේගයේ දැක්ම අලුත් දැක්මක්. මේ රටේ මෑත ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ප්‍රථම වතාවට හරිත පක්ෂයක් හැටියට අප පක්ෂය පරිසරය රැක ගැනීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, වනජීවී සතා සිවුපාවුන් සුරක්ෂිත කිරීම, තිරසර සංවර්ධන රටාවක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. අපි බලාපොරොත්තු වෙනවා පරිසර කේන්ද්‍රීය දර්ශනයක් ඔස්සේ අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. පරිසරයේ තිරසාර පැවැත්ම. ඒ උදෙසා ශක්තිමත් දේශපාලන නායකත්වයක් ලබා දීම. ජාතික පරිසර සංරක්ෂණ වගකීම, ජනතා සහභාගිත්ව පරිසර සංරක්ෂණ සැලැස්ම ක්‍රියාත්මක කරන්නට අපි සැදීපැහැදී සිටිනවා. අපි විශ්වාස කරන පරිසර සංරක්ෂණ සැලැස්ම තුළින්, දියත් කරන පරිසර වැඩපිළිවෙළ තුළින්, රටටත්, රටේ ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ආකාරයට අපි එය සැලසුම් කරලා තිබෙනවා. වඳ වීමට ලක් වී තිබෙන සතා සිව්පාවන්, ශාක සහ වෘක්ෂලතා සංරක්ෂණය කිරීම රතු දත්ත ලැයිස්තුවලට ඇතුල් වුණු ඒ සියළුම ජීවීන් සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීම, ඒ වගේම ජෛව විවිධත්ව සංරක්ෂණය පරිසර සුරක්ෂිතභාවය, ඒවගේම කාලගුණික දේශගුණික විපර්යාසවලින් රටට සිදු වන අහිතකර බලපෑම් අවම කෙරෙන අලුත් වැඩපිළිවෙළක්, ජාතික පරිසර ප්‍රතිපත්තියක්, අපි නිර්මාණය කරනවා. එයට අපි නෛතික ශක්තියක් ලබා දෙනවා. ජෛව විවිධත්ව හානි වලක්වා ගන්නට. තිරසර සංවර්ධන ඉලක්ක නිර්මාණය කරන්නට. වන අලි මිනිස් ගැටුම අවම කරන්නට, අලුතෙන්ම නිර්මාණය වී තිබෙන වනයේ සිටින කොටියා සහ මිනිසා අතර තිබෙන ගැටුම අවම කරන්නට අපි සැලසුම් කරලා තියෙනවා. පසුගිය ජනාධිපති වරණයේදී ප්‍රථම වතාවට අපි පාරිසරික ප්‍රඥප්තියක් ඉදිරිපත් කළා. මේ ප්‍රඥප්තිය තුළ ඇතුලු වෙලා තිබුණා ප්‍රධාන ව්‍යාපෘති තුනක්. අලියා සංරක්ෂණය කරන project elephant ව්‍යාපෘතිය ,කොටියා සංරක්ෂණය කරන project leopard ව්‍යාපෘතිය ඒ වගේම නිල්තල්මසා සුරකින ව්‍යාපෘතිය . අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී අපේ කෙටිකාලීන මධ්‍යකාලීන දීර්ඝකාලීන වැඩපිළිවෙළ හරහා මේ සංරක්ෂණ ව්‍යාපෘති ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න. සතා සිවුපාවා ගේ වාසස්ථාන අද තර්ජනයට ලක්වෙලා තියෙනවා සතා සිවුපාවන් යම් කොට්ඨාසයක් වඳ වී යාමට ලක් වෙලා තිබෙනවා. අපි අදහස් කරනවා ජෛව විවිධත්ව සම්බන්ධතාවය, භූමින් අතර සම්බන්ධතාවය, වන වර්ධනය පරිසර ප්‍රතිපත්තියක් දියත් කරන්න. සමුද්‍ර සංරක්ෂණ ව්‍යාපෘති දියත් කරමින්, සමුද්‍රයේ ඒ ජෛව විවිධත්වය ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කරන්න. අපි තරයේ විශ්වාස කරනවා තිරසර පරිසර සංරක්ෂණය සිදුවිය හැකි එකම ක්‍රියාමාර්ගය ප්‍රජා සහභාගීත්ව පරිසර සංරක්ෂණයයි. අපි බලාපොරොත්තු වෙනවා වන ජීවීන් නිසා මිනිස් සම්පතට සිදුවන හානිය අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. අලි වැට නිර්මාණය කරලා, තිරසර අලිවැට සංරක්ෂණ වැඩසටහනක් තුළින් අලි මිනිස් ගැටුම අවම කරන්න. වන ජීවීන් නිසා සිදුවන හානි වලට ක්‍රමවත් රක්ෂණ ක්‍රමයක් නිර්මාණය කරලා වන්දි ලබා දීමේ වැඩකටයුතු, වගා වන්දි, ඒ වගේම ජීවිත හානි සිදුවන කොට වන්දි ක්‍රමය, නිවෙස් වලට සිදුවන හානි මේ සියල්ලටම රක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරල ක්‍රමවත් වන්දි වැඩපිළිවෙළක් හරහා විපතට පත් වන ජන පරපුරටත් ඒ සහන ටික ලබා දෙන්න. කාලගුණික දේශගුණික විපර්යාස පිළිබඳව අපි අපේ පූර්ණ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. criyoto ප්‍රොටෝකෝල් එක සහ arise සම්මුතිය පැහැදිලිවම ඉදිරිපත් කරපු ඒ ඉලක්ක සහ ප්‍රතිපත්ති අපට තිරසර ආකාරයෙන් අනුගමනය කරන්නට හැකියාව තිබෙනවා. රටේ ධන උත්පාදනයට, නිෂ්පාදන ක්‍රියාවලියට හානියක් නොවන ආකාරයෙන් තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය හරහා කාලගුණික දේශගුණික විපර්යාස වලින් සිදු වෙන බලපෑම් පිළිබඳව අවබෝධයක් ලබාගෙන අපේ කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘතිය දියත් කරන්නට, අපේ සංවර්ධන ක්‍රියාදාමයන් දියත් කරන්නට, අපි අදහස් කරනවා. සත්ත්ව සුභසාධනය කෙරෙහිත් අපි අවධානය යොමු කරනවා. හීලෑ සතුන් ආරක්ෂාවට ලක්කරන්නට අපි අදහස් කරනවා. වනයේ සිටින සතුන්, වනයේ සිටිය යුතු සතුන්, අනවසරයෙන් අල්ලා ගැනීමේ ක්‍රියාදාමයන් සම්පූර්ණයෙන් තහනම් කොට එය අපේ රටේ සාපරාධී ක්‍රියාවක් කොට, ඒ වගේම එවැනි ක්‍රියා ක්‍රියාත්මක කරන කණ්ඩායම් වලට ඉතාමත් ඉහළින්ම නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයට අපි නීති සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමාන හීලෑ අලින්ගේ සහ සතුන්ගේ, දැනට හීලෑ අලි පරපුර විශේෂයෙන් ම හීලෑ සතුන්, සතුන් ගේ බෝ වීමේ වැඩපිළිවෙලකට ලක් කරල අපේ සංස්කෘතික හා ආගමික කටයුතු වලට ඒ හීලෑ අලි සංචිතය තුල ක්‍රියාත්මක වන ඒ බෝ වීමේ ක්‍රියාවලිය දියත් කිරීමේ අපි අදහස් කරනවා. විශේෂයෙන්ම අපේ ආගමික පෙරහැර සංස්කෘතික අවශ්‍යතාවයන් වලට ලබා දෙන්න. capture the elephant හීලෑ අලින්ගේ සුභසාධනය සම්බන්ධවත් අපි අපේ පූර්ණ අවධානය යොමු කරනවා පමණක් නොව ඒ හීලෑ සතුන්ගේ සෞඛ්‍යසම්පන්න භාවය සුරක්ෂා වෙන පැහැදිලි නීති මාලාවක් ඒ හීලෑ අලින් අයිති කරගෙන සිටින සියලුම දෙනාට අනුගමනය කළ යුතු නෛතික ප්‍රතිපත්ති මාලාවක් අපි නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා. පරිසරයට අදාල අමාත්‍යාංශ ක්ෂේත්‍රය තුළ, අදාළ පරිසර වනජීවී සංරක්ෂණ ඒ වගේම වන සංරක්ෂණ සහ දේශගුණික විපර්යාස අමාත්‍යාංශය නමින් අපි අපේ අමාත්‍යංශය අලුතින් නම් කරන්නට බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ නම සහ අරමුණු අපි වෙනස් කරනවා මධ්‍යම පරිසර ආරක්ෂණ අධිකාරිය හැටියට. දූෂකයා විසින් ගෙවීම් කිරීම යන ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. වායු දූෂණය, ජල දූෂණය අවම කරන්නාවූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් කාබන් ක්‍රෙඩිට් වැඩසටහන් , කාබන් ණය වැඩසටහන විශේෂයෙන්ම කාබන් පියසටහන ඉවත් කරන වැඩපිළිවෙලවල් වලට උත්තේජකයක් හැටියට අපි සහන ලබාදෙනවා. ශක්තිය ලබාදෙනවා. පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද අපි උනන්දු කරවනවා. වැඩිදියුණු කරනවා. ගොඩනැගිලි ඉදි වෙනකොට, ඒවා හරිත ගොඩනැගිලි හැටියට නිර්මාණය කරන්න අපි අදහස් කරනවා. වනසංරක්ෂණ ක්ෂේත්‍රයේ වන ගහනය වර්ධනය කරන්නට අපි අදහස් කරනවා. වනාන්තර ආරක්ෂා කරන්න අපි උනන්දු වෙනවා . ජල මූලාශ්‍ර සංරක්ෂණය කරනවා. පාංශු සංරක්ෂණයට අපි අපේ අවධානය යොමු කරනවා. වන රෝපන වැඩසටහන් මෙරට ජන ප්‍රජාව තුල උනන්දු කරවීමේ පැහැදිලි වැඩසටහනක් අපි දියත් කරනවා. ප්‍රජා සහභාගීත්වය තුළින් විශේෂයෙන්ම කාබන් ක්‍රෙඩිට් වැඩසටහනක් ඒ වගේම කාබන් carbon footprint එක අවම කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පරිසර හිතැති ඉඩම් පරිහරණ වැඩසටහන් අපි දියත් කරනවා. ගැටෙන සුළු පරස්පර නීති රීති පිළිබඳව අවධානය යොමුකර බොහොම පැහැදිලි පාරිසරික ප්‍රතිපත්තියක් උදෙසා අවශ්‍ය නීති පද්ධතිය අපි නිර්මාණය කරනවා. රාජ්‍ය නොවන ප්‍රගතිශීලී සංවිධාන සමඟ අත්වැල් බැඳගෙන පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ සාක්ෂාත් කරන්නට අපි අදහස් කරනවා. ප්‍රතිපත්තියක් එළිදැක්වීම වගේම විපක්ෂයේ බලයක් නැතුව සිටින අවස්ථාවේදීත් අපි තරයේ විශ්වාස කරනවා, කුඩා පරිමාණයෙන් හෝ අපට කළ හැකි දේ ක්‍රියාත්මක කරන්න. ඒ උදෙසා මේ වන විට අපි project leopard යන ව්‍යාපෘතිය හරහා යම් යම් පරිසර හිතකාමී වැඩසටහන් කරන්නට වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. වියලි කාලයේ සතුන්ට අවශ්‍ය ජල පහසුකම් ඇති කරන්නට කොන්ක්‍රීට් පොකුණු වැඩසටහන මේ වන විටත් ආරම්භ කරල ලක්ෂ දහයක සංවර්ධන වැඩකටයුතු, පොකුණු වැඩසටහන් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. වනජීවී ක්ෂේත්රය ආරම්භ කරන්නට කැපවෙන වනජීවී නිලධාරීන්ගේ සුභ සාධනය වෙනුවෙන් එයට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම සඳහා අපි ව්‍යාපෘති ගණනාවක් දියත් කළා. වනජීවි සුබසාධනය උදෙසා යාල ජාතික වනෝද්‍යානයේ අපි දෙලක්ෂ 94 දාහක් වැයකරලා අපි ඒ ආම්පන්න ලබා දුන්නා. ඒ වගේම මූලික පහසුකම් ලබා දුන්නා. කුමන ජාතික වනෝද්‍යානයේ අන්ධකාරයේ හිටපු ඒ වනජීවී නිලධාරීන්ගේ පහසුව උදෙසා අපි සූර්ය බලශක්තිය ලබාදීම උදෙසා රුපියල් 240000 ආයෝජනය කරලා ඒ පහසුකම් ලබා දුන්නා. ඒ වගේම සුබසාධන සමිතියට අපි රුපියල් ලක්ෂයක් ලබාදීලා වනජීවී නිලධාරීන්ගේ ඒ පවුලේ සාමාජිකයින්ගේ ඒ මරණ වල දී ඒ අයට යම් ගෙවීමක් කරන්නට අපි ඒ වැඩපිළිවෙළ දියත් කළා. වනජීවී නිලධාරීන් සුභසාධනය කෙරෙහි අපි අපේ පූර්ණ අවධානය යොමුකරනවා. වනජීවී ක්ෂේත්රය ඒ වගේම පරිසර ක්ෂේත්‍රයෙත් ඉන්නවා, ඒ නිලධාරීන් 24 පැයම සේවයට ලක් වුන නිලධාරීන්. ඒ අයට සීමාසහිත වේලාවක් නැහැ. විසිහතර පැයම වන සංරක්ෂණය වෙනුවෙන් වනජීවීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පරිසර සංරක්ෂණය උදෙසා ඒ අය ලොකු කැපකිරීම් කරනවා. එම නිසා ඒ අයගේ ආත්ම තෘප්තිය, මානසික ශක්තිය වර්ධනය කිරීමේ සියලුම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. ස්වෙච්ඡා මාර්ගෝපදේශකයින් ගණනාවක් අද සිටිනවා. ඒ අයගේ රැකියා ස්ථිර කරන්නට වර්තමාන රජය අපොහොසත් වෙලා තියෙනවා. දෛනිකව රුපියල් 700 ක ඉතාමත් සුළු දීමනාවක් තුළ තමයි මිනිස්සු ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්, අපේ සංචාරක ක්ෂේත්රයට ඒ වනජීවි කලාප වල වනෝද්‍යානවල ඒ සතුන් නරඹන අවස්ථාවේ ඒ මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නේ. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්රය තුළ අපේ රටට ලැබෙනවා විශාල විදේශ විනිමයක්. නමුත් විශාල විදේශ විනිමයක් ලබාදෙන ඒ කර්මාන්තයට දැවැන්ත මැදිහත්වීමක්, දැවැන්ත රුකුලක් වන මේ ස්වෙච්ඡා මාර්ගෝපදේශකයින් ට ලැබෙන්නේ දෛනික දීමනාවක් ලෙස රුපියල් හත් සියයක් වගේ ඉතාමත්ම සුළු මුදලක්. මම ඉල්ලීමක් කරනවා. වර්තමාන රජයෙන් රුපියල් 700 මෙම දීමනාව රුපියල් 1000 බවට පත්කරන්න කියලා. ඉතාමත්ම ඉක්මනින් ඒ අයගේ රැකියා වල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි රැකියා ස්ථිර කිරීමේ වැඩපිළිවෙලකට ප්‍රවේශ වන්න කියලා. මේ අවස්ථාවේ හරිත පක්ෂයක් හැටියට සමගි ජන බලවේගය සැදීපැහැදී සිටිනවා අප රට තුළ මහපොළොවෙ ක්‍රියාත්මක වන පරිසර හරිත විප්ලවයකින් අපේ වන සම්පත වනජීවී සම්පත, පරිසර සම්පත ආරක්ෂා වෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුළින් අපේ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරන්නටත්, ඒ සංවර්ධනය හරහා රටට ලැබෙන ඒ තිරසර සංවර්ධනය තුළින් රටට ලැබෙන සම්පත් ප්‍රමාණය වර්ධනය කිරීමේ දැවැන්ත ජනතා සහභාගිත්ව පරිසර සංරක්ෂණ, ආරක්ෂණ වැඩසටහනකට මුළු රටම ඒකරාශී කරගෙන දියත් කරන්නට අපි සූදානම්. පරිසරය මිනිසාට අවශ්‍යයි. මිනිසාට පරිසරය අවශ්‍යයි. මේ දේ යථාර්තවාදීව තේරුම් අරගෙන අපිටත්, දරු පරපුරටත්, මතු පරපුරටත් ඉතාමත්ම පරිසර සුරක්ෂිත දේශයක් දායාද කරන්නට අපි හැමෝම අත්වැල් බැඳගන්න ඕන.