පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කොට පාර්ලිමේන්තුව ඇතුළේ විකල්ප පාර්ලිමේන්තුවක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.

ඒ අනුව අද දිනයේදී පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ නිල කාර්යාලය තුළ මෙම විකල්ප පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට පියවර ගෙන තිබේ.

එහිදී ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සභා ගැබ තුළ සිදු කරන ප්‍රකාශයන්ට එම අවස්ථාවේදීම මෙම කාර්යාලය තුළ හිදිමින් පිළිතුරු ලබා දීමට සමගි ජන බලවේගය තීන්දු කර තිබේ.