ආමත්‍ය චන්ද්‍රසේන මහතා කොළඹ ව්‍යාපරිකයන්ට හා හමුදා බ්‍රිගේඩියර්වරුන්ට ඉඩම් හිමිකම් 34ක් ලබා දි ඇති බවත් එ නම් තමන් සතුව තිබෙන බවත් එම නම් ඉදිරිපත් කළොත් චන්ද්‍රසේන මහතාගේ රෙදි ගැලවෙන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසන්නේ .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ සුරිය කන්ද ප්‍රදේශයේ දුත්පත් අසරණ ජනතාවගේ ඉඩම් බලෙන් ලබා ගෙන හිතවතුන්ට දෙන බවයි .

එම ප්‍රදේශයේ ඉඩම් නොමැති පවුල් 812ක් සිටින බවත් පැවසූ හේෂා විතානගේ මහතා කියා සිටියේ ඉඩම් හිමිකම් 34 නැවත අවලංගු කරන ලෙසයි .

මේ බව පැවසුවේ පාර්ලිමේන්තු විවාදයට අද එක්වෙමින් .