අනවසරයෙන් නම් වෙනස් කරමින් හැංගි මුත්තං සෙල්ලමේ යෙදෙන අන්තරායකාරී ක්‍ෂුද්‍ර ජීවින් සහිත චීන කුණු තොගය රැගත් නෞකාව ලංකා මුහුදු සිමාවෙන් පිටමන් කිරීමට රටේ ජාතික ආරක්ෂාව හා ස්විරිභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ මොහොතේ වහාම කටයුතු කල යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහාතා පවසයි .

ඔහු පවසන්නේ ,

ස්වෙරී රටකට මෙලෙස රාජතාන්ත්‍රික භුමිකාවෙන් බැහැරව අශිෂ්ඨ ලෙස බලපෑම් කිරීම හා ශ්‍රී ලංකාවේ අධිකරණ හා නීති පද්ධතියේ තීන්දු පිලි නොගැනීම ගැන විදෙස් ඇමතිවරයා මේ තානාපතිවරයාගෙන් ප්‍රශ්න කලාද?

“චීන තානාපතිට, ක්‍ෂුද්‍ර ජීවින් සහිත චීන කුණු තොගය ලොකු වුනාට මට මගේ රටේ ජනතාවගේ ජිවිත හා ගොවියාගේත් අනාගතය විනාශ කල නොහැකි බව චීන තානාපතිට කියන්න බැරි පාලකයෙක් අපිට ඉන්නේ”

උපුටා ගැනිම – සරත් ෆොන්සේකා මහාතාගේ නිළ facebook පිටුව