නිවාස ඇමැතිවරයාගේ අනුබලය ඇතිව ඉඩම් මංකොල්ල කෑමේ රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඩාලි පාරේ ආයෝජකයකුට ලබා දුන් ඉඩමක් මෙසේ බලහත්කාරයෙන් නිවාස සංවර්ධන අධිකාරිය අත්පත් කරගෙන ඇති බවකි.

මෙම ආයෝජනය 2005 වසරේ පළමුව සිදුව ඇති බවත්, පසුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පාලන සමයේදී පවා එය තවදුරටත් ඉදිරියට ගෙන ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

රටට ආයෝජන අවශ්‍ය මොහොතකදී ආණ්ඩුවේ මැදිහත් වීමෙන් සිදුවන මෙවැනි ක්‍රියා හරහා ආයෝජකයන් අධෛර්යයමත් වන බවද හෙතෙම පෙන්වා ‌දුන්නේය.