මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත්නි වාඩ් කබ්රාල් මහතා පත්වීමෙන් පසු මූල්‍ය මණ්ඩලයෙන් දවුලගල මහත්මිය ඉවත් කළ බවත්, එමෙන්ම මහ බැංකුවේ
නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහතාවද විදේශ විනිමයට අදාළ වගකීම්වලින් ඉවත් කිරීමට කටයුතු
කරමින් ඇතැයි තොරතුරු වාර්තා වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය .

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06ක්, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත
යටතේ නියෝග 05ක් ඇතුළු නියෝග සහ රෙගුලාසි කිහිපයක් පිළිබඳ ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන්
කළේය.

මේ අතර 2006-2015 කාලය තුළ පවුලේ සාමාජිකයන් මහ බැංකුව හා සම්බන්ධ කරගැනීමට අජිත් නිවාඩ්
කබ්රාල් මහතා කටයුතු කළ බවට වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන බවත්, මෙවර ඔහු මහ බැංකු අධිපති ලෙස පත්වීමෙන් පසු සුළු සේවකයන් 16ක් මහ බැංකුවට පිටින් සම්බන්ධ
කරගෙන තිබෙන අතර එලෙස සිදුකළේ

කුමකටද යන්න ප්‍රශ්නයක් තිබෙන බවත්
පැවසූ එස්.එම්. මරික්කාර් මහතා,“අපි පැහැදිලිව කියන්න කැමතියි මේ රටේ ආර්ථිකයට තිබෙන ප්‍රධාන
වෛරසය තමයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා. මොකද කෝවිඩ් වෛරසයට වැඩිය අපේ රටට වෛරසයක් වෙලා තිබෙනවා. මම ඒකට හේතු කියන්නම්. ජනාධිපති කොමිසමෙන් වෝහාරික විගණන වාර්තාවක් මහ බැංකුවේ ක්‍රියාදාමයන් පිළිබඳ පරීක්ෂණයක් කළා. 2019 ජනාධිපතිවරණයට සති දෙකකට කලින් ආපු නිසා අද ඒ වෝහාරික
විගණන වාර්තාව සම්බන්ධව කිසිදු පරීක්ෂණයකුත් නෑ, උත්තරයකුත් නෑ. ලෝකය තුළ විශ්වාසයක් තිබෙනවා මහ බැංකුව කියන්නේ ස්වාධීන
ආයතනයක් ඒකට දේශපාලනඥයන් පත් කරන්න බෑ කියලා. අද අයින් වෙනවා හෙට පත් කරනවා. ඒ අනුව
කොහේද  ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළේ අපේ රට සම්බන්ධව විශ්වාසයක් තහවුරු වෙන්නේ , රට තුළ තිබෙන්නේ රාජපක්ෂ පවුල් ගහක් කියලා දන්නවා.
ඒ විතරක් නෙවෙයි මෙතුමත් 2006 සිට 2015 ජනවාරි වෙනකම් මහ බැංකුව ඇතුළෙ විශාල පවුල් ගහක් හැදුවා. මෙදා පාර ආපු ගමන් මහ බැංකුවට සුළු
සේවකයන් 16ක් පිටින් ගෙනැල්ලා දාලා තිබෙනවා. මොනවද රහසේ කරන්න තිබෙන්නේ. ඒ වගේම මූල්‍ය මණ්ඩලයේ ලේකම් දවුලගල මහත්මිය ඉවත් කළා.
අද අපට ආරංචි වෙනවා නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහත්මව විදේශ විනිමයට අදාළ වගකීම්වලින් ඉවත් කරන්න හදනවා කියලා. නැවත
මේ රටේ ඉතිරිවෙලා තිබෙන ටිකත් මංකොල්ලකන්නද එන්න හදන්නේ, යනුවෙන්ද සඳහන් කළේය.