ජනක් සිල්වා කොමිසම් වාර්තාවේ ඇති වෙලුම් 22 ප්‍රසිද්ධියට පත් කරන ලෙස
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවට අභියෝග කරයි .

එතුමා වැඩි දුරටත් කියා සිටියේ ,

ආණ්ඩුව යොදවාගෙන පියතුමන්ලා ඉලක්ක කර ගත් කුමන්ත්‍රණයක් දියත් කර තිබෙන බවත්, එය ආණ්ඩුවේ අසාර්ථක නාට්‍ය පිටපතක් බවත්ය.

ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් හා කතෝලික පියතුමන්ලා කිහිප දෙනකු සමග සිදු කළ සංවාදයක් අද ආණ්ඩුව විසින් මාධ්‍ය හරහා පෙන්වමින් යන බවත්, එය තමන් ප්‍රසිද්ධියේ කළ සාකච්ජාවක් බවත්, අදත් එය යූටියුබ් මාධ්‍යයේ පවතින බවත්ය.

මෙය වසර 1600ක් පමණ පැරණි ‌කතෝලික පල්ලියට පවා කරන නිග්‍රහයක් බවත් ඒ මහතා කීය.

මෙය අසික්කිත දේශපාලන දඩයමක් බවත්, තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ සාක්ෂිය අද වන තෙක් ප්‍රසිද්ධ කර නැති බවත් ඒ මහතා පවසා සිටියේය.

සටහන – CJ