සමගි ජනසන්ධාන‍යේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ගත් තීරණය වෙනස් නොවන බව එම පක්ෂයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ගත් සැප්තැම්බර් 01 වැනිදා ගත් තීරණය එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ බවත් ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් දිගටම කටයුතු කරන බවත් එම්. ඒ. සුමන්තිරන් මහතා නිකුත් කළ එක්ස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.