මේ දිනවල එක් එක් යුටියුබ් නාලිකා යොදාගනිමින් සමගි ජන බලවේගයට සහ තමාට මඩ අවලාද විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරන බව පවසමින් සූජීව සේනසිංහ මහතා කියා සිටියේ කුමන මඩ අවලාද ප්‍රචාරය කරත් රට ගොඩනැගීමට අවංක, පිරිසිදු, දක්ෂ, පළපුරැදු කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයේ බවත් මේ වන තෙක් සිදුකල කිසිඳු අමාත්‍යංශයකින් එක සතපහක් හොරකම් කර නැති බවත්ය.

එතුමා අවධාරණය කරමින් කියා සිටියේ කිසිඳු ප්‍රයෝගික වැඩපිළිවෙලක් නොමැති, රටට කිසිඳු සංවර්ධනයක් කර නැති පීරිස් තවදුරටත් කයිවාරු දේශපාලනයක නිරත වන බවත් රට සංවර්ධනය කරන්න පුළුවන් 1977 සිටි කැබිනට් මණ්ඩලය හා සමාන දක්ෂ කණ්ඩායමක් සමගි ජන බලවේගය සතුව මේ වන විටත් සිටින බවයි.

අද දින (30) මැදවච්චියේදී පවතී විජයග්‍රාහී ජන රැළිය අමතමින් සූජීව සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසු අදහස්.

“ජයග්‍රහණය ඒකාන්තයි මේ ජන ගංගාව දැක්කම. සජිත් ප්‍රේමදාස මැතිතුමගේ ජයග්‍රහණය තහවුරැ කරන්න අපිත් එක්ක සියලු දෙනා එකතු වෙලා ඉවරයි.

යූටියුබ් එකේ දාලා තියෙනවා සුජීව සේනසිංහ අයින් කරන්න ඕනලු සමගි ජනබලවේගය දිනන්න නම්. බල්ලෙක්ගේ නමක් තියෙන එකෙක් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඉංග්‍රීසි නමක් දාලා තියෙන්නේ. සජිත් මහත්තයගේ සුභ සාධනය වැඩසටහන් ගැන කතා කරපු එක මේ මනුස්සයා ස්ටේජ් එකෙන් අයින් කරේ නැත්නම් සමගි ජනබලවේගය පරදිනවලු. අනුර කුමාර කියනවා සුජීව සේනසිංහ හොරෙක්ලු. අපි වෙන එවුන් වගේ ලෙව කන්න දේශපාලනයට ආවේ නෑ. අපි වැඩ කරපු අමාත්‍යාංශ වල ශත 5 ක් හොරකම් කරලා නෑ.

ජනතා විමුක්ති පෙරමුණේ ආර් ථික ඔස්තාර් කෙනෙක් ඊයේ ඇවිල්ලා කියනවා මහබැංකුවයි, භාණ්ඩාගාරයයි ස්වාධීන කරන්න ඕනලු. එහෙම වුණොත් පාර් ලිමේන්තුවට මුදල් පාස් කරන්න බෑ. ආර් ථිකය ගැන මෙලෝ දැනුමක් නෑ, අනුර කුමාර දිසානායක මෘදුකකාංග ඉංජිනේරැවන් මිලියන 19 ක් ඒ කියන්නේ කෝටි එක්ලක්ෂ අනුදහක්. ඒ කියන්නේ බිලියන 20 ක්. ලෝකයේම ජනගහණය බිලියන 8 යි. වෙන ලෝකවල් වල අටත් රස්සාවල් හොයනවා. අනුර කුමාර අහනවා සජිත් මහත්තයා ව්‍යාපාරිකයෙක්ගෙන් මුදල් අරගෙන පාසලකට දෙන එක මහ වැඩක්ද කියලා? සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායක තනතුරේ ඉදලා පාසල් සදහා මේ වෙනකොට ලක්ෂ දහදාහක මුදලක් වැය කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අඩු ගානේ බුලත් කඩයක් කරලා තියෙනවාද? අපේ ඉන්නේ අවංක, පිරිසිදු දක්ෂ පළපුරැදු කණ්ඩායමක්.

ක්‍රිකට් ගැන හොදටම කතා කරන්නේ කවුද? ඉන්දියාවෙන් හර්ෂ බෝග්ලේ කියලා ක්‍රිකට් විචාරකයෙක්. ලංකාවෙන් ප්‍රේමසිරි ඈපාසිංහ. ලංකාවේ ක්‍රිකට් ටීම් එක හදන්න කිව්වොත් කාවද දාන්නේ? අර් ජුන, මුරලිදරන්, චමින්දවාස්, සංගක්කාර වගේ අය. ජේ.වී.පී. එකේ අනුර කුමාර දිසානායක ගේන්නෙ ක්‍රිකට් ගැන කතා කරන්න පුලුවන් හර් ෂ බෝග්ලේ වැනි අය නැත්නම් ප්‍රේමසිරි ඇපාසිංහ. ඒවට පළපුරැද්ද, දැනුම, අත්දැකීම් උවමනාව තියෙන්න ඕන. ජේ.වී.පී. එකේ ටිල්වින්, ලාල්කාන්ත වගේ අයට කිසිම අවබෝධයක් නෑ.

මේක සංවර්ධනය කරන්න පුලුවන් 1977 වගේ කැබිනට් මණ්ඩලයක් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම 1996 ක්‍රිකට් කණ්ඩායම වගේ දක්ෂ කණ්ඩායමක් අපි නැවත 21 වැනිදායින් පස්සේ දක්ෂතම ජනාධිපතිවරයා යටතේ අනුරාධපුරයේ මැදවච්චියේ ජනතාවට පොරොන්දුව වෙනවා”