ඒ සී එස් හමීඩ් මහතා අකුරණ ප්‍රදේශයෙන් බිහි වූ මේ රටේ දේශපාලනයේ විශාල පතාක යොදයෙක් බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අද අකුරණ පවතී විජයග්‍රාහී රැලිය අමතමින් කියා සිටියේ මේ රට බිහි වූ ශ්‍රේෂ්ට නායකයෙක් වන රණසිංහ ප්‍රේමදාස මහතා උතුරේත් දකුණේත් ප්‍රචණ්ඩත්වයට යොමු වූ තරුණයින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ගෙන ඒමට එතුමා සමඟ විශාල මෙහෙයක් සිදුකල බවයි.

මේ රටේ ප්‍රචණ්ඩත්වය හරහා විවිධ කැරළි ඇතිකළ එක දේශපාලන පාර්ශවයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ඇතුලත්වීම පිළිබඳව සතුටුවන බව සඳහන් කරමින් රවුෆ් හකීම් මහතා කියා සිටියේ ඒ පුද්ගලයින්ගේ අතීතය ගැන මතක් කළ යුතු බවයි.

“අකුරණ ප්‍රදේශයෙන් බිහි වූ ඒ සී එස් හමීඩ් මහතා මේ රටේ දේශපාලනයේ පතාක යෝධයෙක්. ඒ වගේම එල් ටී ටී ඊ සංවිධානය සමඟ රණසිංහ ප්‍රේමදාස මහතා සිදුකළ සාමසකච්ඡා වලදී ඒ සී එස් හමීඩ් මහතාගේ සහාය ලබාගත්තා. රටට සමාය ගෙන ඒම සඳහා කරපු කාර්යය භාර්යය අති විශිෂ්ඨයි. ප්‍රචණ්ඩත්වයට යොමු වූ තරුණයින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ගෙන ඒමේ කටයුත්තේදී ඒ සී එස් හමීඩ් මහතා විශාල මෙහෙයක් සිදුකළා. ඒ වගේම ඒ සී එස් හමීඩ් මහතා බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවාවක් සිදුකළා.

ඒ වගේම රටේ ප්‍රචණ්ඩත්වය හරහා විවිධ කැරළි ඇතිකළ එක දේශපාලන පාර්ශවයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ඇතුලත්වීම පිළිබඳව අපි සතුටු වෙනවා.

ඒ වගේම මේ වන විට ගර්භාශයේ ඇතිවන අන්තවාදයක් පිළිබඳව සමාජය තුළ කතිකාවක් ඇතිවී තිබෙනවා. ඒ කතිතාවත නිසා මට එන්තරවාසියකුත් එවලා තිබෙනවා.
එන්තරවාසියක් එවා එය සාධාරණීකරණය කරන්නත් උත්සහ කරනවා. මම ඕනෑම නඩුවකට මුහුණ දෙන්න සුදානම්. ඒ සම්බන්ධයෙන් මම පුද්ගලිකව නඩු කියනවා.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් අන්ත පරාජය වුණාට පස්සේ උසායි යන්න කලින් අපි විවාදයක් කරමු. ඕනෑම විද්‍යුත් නාලිකාවක අපි විවාදය කරමු. අනුර කුමාර දිසානායක කියපු දේ පිළිබඳ අර්ථය , එය සමාන්‍ය ජනයා තේරුම්ගැනිම පිළිබඳව , මගේ කියමන පිළිබඳව ඕනෑම විවාදයක එන්න. අපි උසාවියේදීත් හමුවෙමු”