මැතිවරණ නිතිය රට තුල ක්‍රියාත්මක වන මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලංකාවේ සිටින සියලුම මාධ්‍යවේදීන් කොළඹට කැඳවා බෝජන සංග්‍රහයක් ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙම සාදයට නායකත්වය ලබාදීමට ජනාධිපති විසින් කම්කරු හා විදේශ සේවා අමාත්‍ය මනුෂ නානායක්කාර පත්කර තිබෙන අතර මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට මේ වන විට අයතා ලෙස පුද්ගලයින් විදේශ රැකියා සඳහා යැවීම පිළිබඳව විශාල චෝදනා රාශියක් එල්ල වී තිබේ.

මැතිවරණ නීතිය රට තුළ ක්‍රියාත්මක වන නිසා මේ ආකාරයේ සියලුම රැස්වීම නැවත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීන්දු කර තිබෙන මොහොතක, මෙම සාදය පැවැත්වීම මාධ්‍යවේදීන්ට ලබාදෙන අල්ලසක් බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ගොනුකර තිබේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මාධ්‍ය මර්ධනය කිරීම සඳහා නීති අණ පනත් රාශියක් ගෙන ආ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත අධිකරණයේ නියමයන් නොතකාම පාර්ලිමේන්තුව තුලදී සම්මත කරගනු ලැබීය. මාධ්‍ය පිළිබඳව එවැනි අදහසක් දැරූ රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් ගෙන්වා සාද පවත්වන්නේ හුදෙක්ම මැතිවරණ වාසි ලබාගැනීමට බව පැහැදිලිය.