ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සැප්තැම්බර් 21 ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මෙම ව්‍යවස්ථාපිත කරුණු ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද (26 ) නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 වැනිදා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ (25) පෙරවරුවේ පැවැති අතර එහිදී ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සාමාජිකයන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණා.

balavegaya 1 7