කුමන උපක්‍රම භාවිතා කර හෝ ප්‍රජාතන්ත්‍රවාදිව තම අරමුණු ඉටුකරගැනීමට නොහැකි දේශපාලන පක්ෂ එම අරමුණු ඉටුකරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාමාර්ග භාවිතා කළ හැකි බව සමගි ජන බලවේගයේ පර්ලිනේම්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි වික්‍රමරත්න මහතා මේ පිළිබඳව අවධාරණය කර සිටියේ.

ඉකුත් දින ඇමරිකානු හිටපු ජනාධිපති, වත්මන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එල්ල කළ වෙඩි ප්‍රහාරය උදාහරණයට ගනිමින් ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව මැතිවරණ නොපැවැත්වීමට ගන්නා උත්සාහයන් සහ එම සෑම උත්සාහයක්ම ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රරජය වන ආකාරය දෙස බවල විට ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාවද තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.

එතුමා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය ආයුධවලින් නොකළයුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදි රටක දේශපාලනය ජනතාවගේ කැමැත්තෙන් සහ මැතිවරණ හරහා ක්‍රියාත්මක කල යුතු බවයි.