ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් මගින් විදේශ රටවලට සියලුම ද්විපාර්ශ්වික ණය ගෙවීම් 2028 දක්වා කල් දමන බවත් සහනදායී කොන්දේසි මත මෙම ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට 2043 දක්වා කාලය පවතින බවත් “ආරංචිය සුබයි” යන මැයෙන් ප්‍රචාරය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශයේ දී ඔහු විසින් ප්‍රකාශ කරන ලදි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවාහැරිමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ හැකි ඉක්මනින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු අවසන් බවත් ආර්ථික අර්බුදයෙන් රටේ ජනතාව මුදවාගන්න බවත්ය  නමුත් ඔහු ධූරයේ වසර දෙකකට වැඩි කාලයක් ගතකරමින් අද දින ජාතිය අමතමින් කියා සිටින්නේ ජාත්‍යන්තර ණය ප්‍රතිඑයුහගත කිරීම සඳහා මේ වන විට එකඟතාවයකට පමණක් පැමිණ ඇති බවයි.

මෙම විශේෂ ප්‍රකාශය කරමින් රනිල් වික්‍රමසිංහ අද ඉතාමත් වැදගත් කාරණයක් පිළිබඳව සඳහන් කළේය, ඒ රට ආර්ථික අර්බුදයට ඇද දැමීම වෙනුවෙන් මේ වන විට අධිකරණයෙන් වැරදිකරුවන් වී සිටින රාජපක්ෂ සහෝදරයින් විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අනුප්‍රාප්තික ජනාධිපති ධූරය ලබා දීමට පෙර රාජපක්ෂ කල්ලිය ඇතුළු පොහොට්ටු ආණ්ඩුව සමඟ ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට විවිධ පාර්ශවයන්ට ආරාධනා කළ නමුත් ඔවුන් කිසිවෙක් රාජපක්ෂ ආණ්ඩුව සමඟ ඉදිරියට ආණ්ඩු කරගෙන යාමට කැමැත්තක් නොදැක්වූ බවත් කිසිඳු කොන්දේසියකින් තොරව රනිල් වික්‍රමසිංහ විසින් එම රාජපක්ෂ ආණ්ඩුව සමඟ ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට එකඟතාවය දැක්වූ බවයි.