ඩලස් අලහප්පෙරුම මහතා සහ දයාසිරි ජයසේකර මහතා කන්ඩායම් වශයෙන් සමගි ජන බලවේගය සමග එක්වීම සදහා මේ වනවිට සමගි ජන බලවේගය සහ ඔවුන් අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. තිස්ස අත්තනායක මේ බව පැවසූවේ ඊයේ (16) සවස වැල්ලවත්ත ප්‍රදේශයේ පක්ෂයේ ප්‍රවර්ධන කටයුත්තක් අතරතුර මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමිනුයි.
පක්ෂ ප්‍රවර්ධන කිරීමේ මෙම වැඩසටහන ඊයේ වැල්ලවත්ත නගරයේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එම අවස්ථාවේ ඒ මහතා මාධ්‍ය වෙත දැක වූ අදහස්.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස සමගි ජන බලවේගය විසින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන හරහා දින 10 ක් තුළ ලක්ෂ 20ක සාමාජිකයන් පක්ෂයට එකතු කරගැනීමට අපේක්ෂා කරයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දැමීමට කිසිඳු අවස්ථාවක් නොමැති බවත් ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වියහැකි බවත් අවධාරණය කරමින් ජාතික සංවිධායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගයේ සාමාජිකයින් රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන බවට අසත්‍ය චෝදනා සමාජගත කලද කිසිවිටෙකත් සමගි ජන බලවේගයේ සාමාජිකයින් රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වීමට සුදානම් නොමැති බවත්ය.