සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල, නීතිඥ වසන්ත යාපාබණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඊයේ(03) දින රුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර 800ක් ඈතින් පිහිටි සෙන් පීටර්ස්බර්ග් නුවර S.M Kirov Military Medical Academy රෝහල වෙත ගොස් ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳ සුවදුක් විමසා බැලුවේය.

ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව එම මන්ත්‍රීවරුන් කළ සොයාබැලීමේදී සොල්දාදුවන් 5ක් පමණ අතුරුදහන් වී හෝ මියගොස් ඇති බවත්, නිවෙස් සමඟ සම්බන්ධතා නොපවත්වන 70කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවත් හඳුනාගෙන ඇත. ඊට අමතරවම රුසියානු යුක්රේන යුද්ධයේ ඉදිරිපෙළ සටන් වලදී තුවාල ලබා රෝහල්ගත කළ සොල්දාදුවන් 10ක් පිළිබඳවත් තොරතුරු සොයාගෙන ඇත. තවදුරටත් යුධ කඳවුරු වළ හෝ යුධභූමියේ සිටිනවා යැයි සිතන 220ක ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු සොයාබැලීමට මෙම මන්ත්‍රීවරුන් උත්සාහ දරමින් සිටි.

මෙහිදී රුසියාවට රැගෙන ආ සොල්දාදුවන් වෙත ගිවිසුම්ගතව ප්‍රකාශ කළ වැටුප් නොගෙවීම, වන්දි නොගෙවීම ආදී පහසුකම් කඩකිරීම යටතේ, අසාධාරණයට ලක්වූ සොල්දාදුවන් වෙත අවශ්‍ය සහන ලබාදීමට මැදිහත් වන ලෙසද මන්ත්‍රීවරුන් පිරිස රුසියානු බලධාරීන්ගෙන් විශේෂයෙන් ඉල්ලීම් කර ඇත.

ඒ අනුව මන්ත්‍රීවරුන් පිරිස මෙම සොල්දාදුවන් 220ක තොරතුරු ඇතුලත් වාර්තාවක් රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් කොන්සල්ජෙනරාල්වරයා වන Zakharian Vagram වෙත භාර දුන් අතර ඒ අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සොල්දාදුවන්ගේ ගැටළු විසඳා ශ්‍රී ලංකාවට නැවත ඒමට කැමැත්ත පළ කර ඇති අයට ඒ සදහා අවස්ථාව ලබාදෙන බවයි.