වසර ගණනාවක් පුරා කළමනාකරණ සේවා නිලධාරී ගණයට අයත් වන්නා වූ නොවිසඳුණු ගැටලු රාශියක් පවතින බැවින් එම ගැටලු පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් නිසි බලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් රාජ්‍ය, පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ නිලධාරීන් පිරිසක් පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී එම ගැටලු ලිඛිතව ඉදිරිපත් කළේය.

ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අහිමි වූ උසස් වීම් විභාග ක්‍රමය නැවත ලබා ගැනීම, සේවා ව්‍යවස්ථාන 2006.01.01. දිනට පෙරදාතම් කිරීම, බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සහ සේවා ව්‍යවස්ථාවට අනුකූලව තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම, සමාන්තර සේවා අතර සහ සේවයේ පවත්නා වැටුප් විෂමතාව ඉවත් කිරීම, දේපල ණය ආදී ගැටලු රාශියක් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ ඉදිරිපත් කරන ලදී.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී සිටියේ ඉදිරි පාර්ලිමේන්තු දිනයක මෙම ගැටලු සියල්ලක්ම පාර්ලිමේන්තුවේත් අදාළ අමාත්‍යවරුන්ගේත් අවධානයට යොමු කරනා බවයි.