ඉදිරි වසර තුන තුළ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමට කටයුතු කරන බව ඊයේ (26) වවුනියාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

2015 මැතිවරණ සමයේදී රනිල් වික්‍රමසිංහ විසින් මෙවැනිම මැතිවරණ පොරොන්දුවක් රටේ තරුණ තරුණයින්ට ලබා දුන්නා, ඒ තමා බලයට පත්වුවහොත් නොමිලේ වයිෆයි (Free WIFI) ලබා දීමට කටයුතු කරන බව පවසමින්, කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ගෝඨාභය රාජපක්ෂගෙන් පසු තම අනුප්‍රාප්තික ජනාධිපති ධුරකාලය අවසන් කිරීමට ඇත්තේ තවත් මාස තුනක් වැනි කුඩා කාලයක්.

හුදෙක්ම මැතිවරණ පොරොන්දුවක් පමණක් වන නවීන කෘෂිකර්මාන්තයක් ඇතිකරණ බවට රනිල් වික්‍රමසිංහ විසින් කළ මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ උතුරු පළාතේ ජනතාවට ඉඩම් ඔප්පු බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින්, මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියද සහබාගී වී තිබූ අතර ඒ මහත්මිය මිට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කළා, මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් නොමැති බව පවසමින් නොපවත්වා කල් දමන ලද පළාත් පාලන මැතිවරණ සමයේ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉවත් වීමටද පී.එස්.එම්. චාල්ස් කටයුතු කර තිබුණා.