අධික වර්ෂාව හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිතව තිබෙන ජලාශ්‍රවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් කාසල්රී, මාඋස්සාකැලේ, වික්ටෝරියා, රන්දෙනිගල හා සමනළ වැව ජලාශ්‍රවල ජලය වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවන් තත්ත්වයක් තුළ මහජන උපයෝගීතා කොමිසම අවස්ථා 2කදී විදුලි ඒකකයක මිල පහත දැමීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස විදුලි බල මණ්ඩලයට කියා ඇති මුත් මේ වන තෙක් ඒ යෝජනා ඉදිරිපත් වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වන විට සියයට 15-20ත් අතර තිබූ ජල විදුලි උත්පාදනය තත්ත්වය මේ මස 20 වන විට සියයට 31 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වී ඇති බැවින් මහජන උපයෝගීතා කොමිසම හා විදුලි බල මණ්ඩලය එකට එකතු වී මේ වාසිය විදුලි පාරිභෝගික ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.