අඛණ්ඩ වැඩවර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති නියෝජිතයින් අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට නියමිතයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, දීමනා හා වැටුප් කප්පාදුවට විසඳුම් ඉල්ලමින් ආරම්භ කළ තම වැඩවර්ජනයට පාලකයින් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

අනධ්‍යන වෘත්තීය සමිති අරම්භ කළ වැඩවර්ජනයට අදට දින 21 ක්.