දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනය විසින් ඇතිකර තිබෙන කෘතීම බෙදීම් නිසා අද අපේ රට දරුණු ප්‍රපාතයකට ඇද වැටී තිබෙන බවත් රට ගොඩනැගීමට නම් කෘතීම බෙදීම් පසෙකලා ස්වභාවික සංහිදියාව සහ සහජීවනය කෙරෙහි අවධානය යොමු කල යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ ඔහු විසින් රචිත, එළඹෙන මාර්තු මස 5 වන දින එළිදැක්වීමට නියමිත “මගේ කතාව” නම් ස්වයං චරිතාප්‍රදානය පිළිබඳව පැවැත්වූ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

මෙම වැඩසටහනේදී එතුමා වැඩිදුරටත් මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ආගම, ජාතිය, භාශාව, කුලය, පන්ති භේද යන ආධී මේ සියල්ල කෘතිම බෙදීම් බවත් මෙම බෙදීම් හරහා ප්‍රයෝජන ගන්නා දේශපාලන බලවේග වල ගොදුරු බවට පත්ව සිටි කාලය අවසන් කිරීමට කාලය එළඹ ඇති බවත්ය.