සමගි ජන බලවේගය මාවනැල්ල ආසනයේ 2024 වර්ෂයේ තරුණ බලමණ්ඩලය පිහිටුවීම ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතායේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා ගෞරවණිය මහා සංඝ රත්නය ඇතුළුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමා, සබරගමු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී උපුල් බංඩාර මැතිතුමා, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර චන්දන මැතිතුමා ප්‍රධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා, දිස්ත්‍රික් තරුණ සංවිධානයේ දිනේෂ් පොඩි නිලමේ මැතිතුමා ඇතුළු මාවනැල්ල ආසනයේ තරුණ, තරුණියන් විශාල පිරිසක්ද සහභාගි විය.