ආණ්ඩුව කංසා වගාව නීතිගත කරන්න දේශිය වෛද්‍ය ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් කංසා වගාව දියුණු කරනවා වෙනුවට රටේ කෘෂිකර්මාන්තය දියුණ කිරීමට ආණ්ඩුව වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත් ලෝකයේ දියුණු තාක්ෂණය මෙරට කෘෂිකර්මාන්තයට කැඳවා ආ යුතු බවත්      එකතු කරන්න , නවීන ක්‍රමවේද- ගොවීන්ට හදුන්වා දෙන්න , ආණ්ඩුවට කටයුතු කළ යුතුයි චන්න විකුම් මහතා පැවැසීය.

ඊයේ (07) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දෙහිවල ප්‍රධාන සංවිධායක පුරපති අපේක්ෂක චන්න විකුම් මහතා මෙසේ පැවැසීය.

එතුමා වැඩිදුරටත් පැවසූ අදහස්,

“ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතා කිරිම හේතුවෙන් රටේ පුද්ගලියන් කිහිපදෙනෙකු මියගියා , ඒ වගේම විවිධ අබාධවලට ලක්වුණා. ඒ නිසා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්විම අනුබල දුන් සෞඛ්‍ය ඇමැතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළියට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. නමුත් වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළියව ආරක්ෂා කළා. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය ගත්ත තින්දු නිසා රටේ සෞඛ්‍ය පද්ධතියට ප්‍රබල හානියක් සිදුවුණා.

අද වනවිට ඖෂධ වංචාවට සම්බන්ධව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල , සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා කෙහෙළිය රඹුක්වැල්ල වර්තමානයේ දරන පරිසර ඇමැතිධුරයෙන් තාවකාලිකව හෝ ඉවත් කරන්න කිසිදු පියවරක් අරගෙන නෑ. කෙහෙළිය රඹුක්වැල්ලව ආරක්ෂා කරන්න ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කටයුතු කරනවා. රටේ ජනතාව ආරක්ෂා කරනවා වෙනුවට තමන්ම ජනාධිපති කරන්න කටයුතු කළ පොහොට්ටුවේ පිරිස ආරක්ෂා කරන්න වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. ‍කෙහෙළිය රඹුක්වැල්ල වර්තමානයේ දරන පරිසර ඇමැතිධුරයෙන් තාවකාලිකව හෝ ඉවත් කරන්න වහාම කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

රනිල් වික්‍රමසිංහ ලෝක ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ හිටපු උප සභාපතිවරයා. රටේ මිනිස්සු රනිල් වික්‍රමසිංහට ගරු කළේ ප්‍රජාතාන්ත්‍රික නායකයෙක් නිසා. ප්‍රජාතන්ත්‍රවාදයේ ඔස්තාර් වුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනතාවගේ විරෝධතා මර්දනය කරන්න නින්දිත විදිහට කටයුතු කරනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මොන මොන සංදර්ශන දැම්මත් ඔහුට ජනතාව බලය ලබාදෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව කාලයේ ගම්පෙරළිය වැඩසටහන කරන්න විශාල මුදල් ප්‍රමාණයක් ගම්වලට වෙන්කළා. නමුත් ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කළා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තව තිබෙන්නේ මාස 6 ක කාලයක්. ඒ මාස 6 න් පසු අනිවාර්යෙන්ම සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපතිවරයා බවට පත්වෙනවා.”