රනිල් වික්‍රමසිංහ කියන්නේ අවුරුදු 30 ක් රට සහ එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු මනුස්සයෙක් බවත් අවරුදු 30 පුටවට ජේ ආර් කෙනෙක්, ප්‍රේමදාස කෙනෙක් , ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයකු බිහිකිරීමට නොහැකි වුනේ රනිල් වික්‍රමසිංහ නිසා බවත් සමඟි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා කියා සිටිනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලෝකයේ ඉන්න තමන් ගැන පමණක් හිතන දේශපාලඥයා රනිල් වික්‍රමසිංහ බවත් රට සහ එක්සත් ජාතික පක්ෂය විනාශ කර මේ වන විට රනිල් වික්‍රමසිංහ රට මුළුමනින්ම මංකොල්ල කෑ රාජපක්ෂවරු සමඟ එක්වී සිටින බවත් කිසි ලෙසකින්  රනිල් වික්‍රමසිංහ සමග ඩීල් නොදමන බවත් එවැනි වසර තිහක් පුරාවට රටේ ජනතාව මෙන්ම ප්‍රබල පක්ෂයක් විනාශකළ පුද්ගලයෙකු සමඟ ඩීල් දැමීමේ කිසිඳු  උවමනාවක්ද නොමැති බවත්ය.

විපක්ෂ නායක කාර්යාලයේ අද (01) දින පැවති මාධ්‍ය හමුවට සහභාගගි වෙමින් සුජීව සේනසිංහ මහතා මේ පිළිබඳව අදහස් පැවසීය.

‘‘සමගි ජන බලවේග විරෝධතාවයට වාරණ නියෝග ලබාගන්න පොලිසිය කටයුතු කළත් අධිකරණ විනිසුරුවරුන් නිතියට අනුව කටයුතු කිරිම පිළිබඳව ඔවුන්ට ස්තුති වන්ත වෙනවා. සාමකාමී විරෝධතාවලට ඉඩ දිය යුතු බව විනිසුරුවරුන් ප්‍රකාශ කර තිබුණා.

රටක විපක්ෂ නායකවරයෙකුට විරෝධතාවයක් කරන්න නිතයෙන් සහයක් ලැබෙනවා. ඒක තමයි සම්ප්‍රදාය. ඒ සම්ප්‍රදායත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කඩ කළා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ අවුරුදු 30 ක් රට සහ එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු මනුස්සයෙක්. අපිට ජේ ආර් කෙනෙක්, ප්‍රේමදාස කෙනෙක් , ලලිත් ඇතුලත්මුදලි කෙනෙක් නැවත අවුරුදු 30 කට දකින්න ලැබුණේ නෑ. ඒ විනාශය කළේ රනිල් වික්‍රමසිංහ. ලෝකයේ ඉන්න තමන් ගැන හිතන දේශපාලඥයා තමයි රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ නිසා දක්ෂ නායකයන් බිහිකරන එක අවුරුදු 30 ක් සිදුවුණේ නෑ. රට සහ එක්සත් ජාතික පක්ෂය විනාශ කරලා රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරු සමඟ හිටගත්තා. රනිල් වික්‍රමසිංහ එක්ක ඩිල් දාන්න ඕනත් නෑ. ඩිල් දාන්නෙත් නෑ

ජනතා විමුක්ති පෙරමුණට සහ අනුර කුමාර දිසානායකට විශාල ශක්තියක් වර්තමාන ආණ්ඩුවෙන් ලැබෙනවා. පාර්ලිමේන්තුවේ විශේෂ අණ පනත්වලිදී අනුර කුමාර පාර්ලිමේන්තුවෙිදී කතා කරන්නේ නෑ.
සජිත් ප්‍රේමදාස කා සමඟවත් ඩීල් එකක් නෑ. සමගි ජන බලවේගයට ඩිල් එක තියෙන්නේ ජනතාව සමග.හොරුන්ට දඩුවම් දෙන්න ජනතාව අල්ගෝසුවෙක් හෙව්වට ඒ අලුගෝසුවා ජනතා විමුක්ති පෙරමුණ කරන ගන්න එපා. ඔන්ලයින් පනත සම්බන්ධයෙන් සහ ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කතා කළේ නෑ. අනුර කුමාර හරිනිව දාලා ෂේප් වුණා. අනුර කුමාරලා රටේ තිබෙන උවදුරෙන් ගොඩ එන්න හදනවා.

අපි විරෝධතා ව්‍යාපාර මීට පෙර කළේ නැත්තේ ජනතාව සිටින පීඩනය නිසා. කලබලයක් රටේ ඇතිවුණොත් රටේ ආර්ථිකය තවත් කඩා වැටෙයි කියන බය නිසා තමයි අපි මීට පෙර විරෝධතා ව්‍යාපාරවලට යොමු නොවුනේ. විශාල සාකච්ඡාවකින් පසු බැරිම තැන
තමයි ජනතාව විදින පීඩනය වෙනුවෙන් සටන් කරන්න විරෝධාවක් සංවිධානය කළේ. ඒ පීඩනය දිගටම අපි ආණ්ඩුවට දිගටම දෙනවා.

කලබලයක් සිදුකරන්නේ නැති අවස්ථාවක පොලිසියට ජනතාවට පහරදෙන්න බෑ. ජනතාව කළහකාරි ලෙස හැසිරෙනවානම් පමණයි පොලිසියට අවම බලය භාවිතා කරන්න පුලුවන්. නමුත් සමගි ජන බලවේගය සංවිධානය කළ සාමකාමී විරෝධතාවයේදී විපක්ෂ නායකවරයාට පොලිසිය යොදපු අවම බලය කුමක්ද?

රාජපක්ෂලා බලයට එනකොට රටේ ණය ඩොලර් බිලියන 3 යි. දැන් රටේ සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 90 ක්. රට ගොඩගන්න පුලුවන් දක්ෂ කණ්ඩායමකට පමණයි. නමුත් ඒකටත් වසර 5 ක්වත් ගතවෙයි”